ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ හටගෙන ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය, ආසියාවේ පාවිච්චි කළ මෝටර් රථ අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරමින් තිබේ.
මේ හේතුවෙන් ජපානය සහ දකුණු කොරියාවේ සිට මැදපෙරදිග බලා ප්‍රවාහනය කෙරුණු ලැම්බෝගිනි, රෝල්ස් රොයිස් සහ ෆෙරාරි වැනි අති සුඛෝපභෝගී රථ ඇතුළු වාහන තොගයක් ශ්‍රී ලංකාවේ වරායන් තුළ සිරවී ඇති බව වාර්තා වේ.
මැදපෙරදිග යුදමය වාතාවරණය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අවදානම හේතුවෙන් ගෝලීය නැව් ගමනාගමනය අඩාල වී ඇත. ඩුබායි වරාය වෙත ළඟා වීමට නොහැකි වූ භාණ්ඩ ප්‍රවාහන නෞකා ශ්‍රී ලංකාව වැනි විකල්ප වරායන් වෙත යොමු කිරීම නිසා එම වරායන්හි දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.
ඩුබායි වෙත යොමු කළ යුතු භාණ්ඩ තොග මෙරටට ගොඩබෑම හේතුවෙන් හම්බන්තොට වරාය ඇතුළු වරාය පරිශ්‍රයන්හි ඉඩකඩ සීමා වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වාහන 500ක් පමණ රැගත් නෞකාවක් දින 10කට වඩා වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමෙන් පසු පසුගියදා හම්බන්තොට වරායට ගොඩබෑමට පියවර ගෙන තිබේ.
ජපානයේ ‘කෝබේ මෝටර්’ ආයතනයේ හිමිකරු උමාර් අලි හයිඩර් පවසන පරිදි, මැදපෙරදිග පාරිභෝගිකයන් වෙනුවෙන් ඇණවුම් කළ ලැම්බෝගිනි සහ රෝල්ස් රොයිස් වැනි සුඛෝපභෝගී වාහන 50ක් පමණ දැනට ශ්‍රී ලංකාවේ සහ චීනයේ වරායන්හි අතරමං වී ඇත. මේවා ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට හැකියාව තිබුණද, ඒ සඳහා වැය වන අධික පිරිවැය ප්‍රායෝගික ගැටලුවක් වී තිබේ.
පසුගිය වසරේ ජපානය සහ දකුණු කොරියාව ඒකාබද්ධව ඇමරිකානු ඩොලර් බිලියන 19ක පාවිච්චි කළ වාහන අපනයනය කර ඇති අතර, එයින් සැලකිය යුතු ප්‍රමාණයක් මැදපෙරදිග කලාපය ඉලක්ක කර ගත් ඒවා වේ.
වර්තමාන යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා නැව් ගාස්තු ඉහළ ගොස් ඇත. දකුණු කොරියාවේ වාහන ගබඩා සංකීර්ණවල අපනයනය කිරීමට නියමිතව තිබූ වාහනවලින් 70%ක් පමණ ගොඩගැසී පවතී. අපනයනකරුවන්ට සිය වාහන රඳවා තබා ගැනීම සඳහා මසකට වොන් මිලියන 40ක් (රුපියල් ලක්ෂ ගණනාවක්) වැනි අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇත.
අප්‍රිකාව හෝ ලතින් ඇමරිකාව වැනි විකල්ප වෙළඳපොළවල් සොයා ගැනීමට උත්සාහ කළද, එම කලාපවල පවතින අඩු ඉල්ලුම හේතුවෙන් මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ඔච්චර තියෙනවනම් ඔව්වයින් එක දෙකක් ලැම්බෝගිනි මට දීපල්ල.
ReplyDeleteAnura Kumara will be the first one .wasantha Samaraya 'all political carders will be get one each. May be more....
ReplyDeleteDanayen Mahansiyen kata hollala gana pihitala boru kiyala ganne.......
අර ලැම්බෝගිනි ඉල්ලලා අඩපු මනුවර්නයාට එකක් දීපං බං
ReplyDeleteනාමල් බේබිගෙ ඕඩර්ස් ද දන් නෑ.
ReplyDeleteI wonder what arabs do with used cars from Japan? All of middle east cars are LHD. Japan uses RHD cars.
ReplyDelete