මහ මෝලුන්ට තරු පෙන්නයි.. සම්බා, කීරි සම්බා රටින් ගෙන්නයි..

 


2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා මුළු නිෂ්පාදනය මෙරට එම සහල් අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, 2026 මැයි මාසයේ සිට එම සහල් වල උග්‍ර හිඟයක් ඇති විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යාවත් කාලීන තොරතුරු මත පදනම්ව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෙන්වා දී ඇත. 

ස්ථාවර මිලක් සහිතව සම්බා සහ කිරි සම්බා වලට වෙළෙඳපොළෙහි පවතින ඉල්ලුම සපුරාලීම පිණිස එම සහල් වර්ග වලට සමාන සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ ද අවධානයට ලක්ව තිබේ. 

ඒ අනුව, සම්බා සහ කීරි සම්බා සඳහා පිළිවෙලින් ආදේශක සේ සලකනු ලබන හා සංයෝජිත වර්ගී කරණ සංකේතාංක (HS Code) 1006.30.29 යටතේ වර්ගී කරණය කර ඇති පොන්නි සම්බා සහ කිරි / පාල් පොන්නි සහල් ඇතුළුව GR 11 ලෙස හඳුන්වනු ලබන සහල් වර්ගයෙන් මෙට්‍රික්ටොන් 1,040 ක උපරිම ප්‍රමාණයක් ඕනෑම ආනයනකරුවකු විසින් 2026-04-01 දින සිට 2026-04-30 දින දක්වා කාල සීමාව තුළ ආනයනය කිරීමටත්, එම සහල් තොග 2026-05-31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත්, එකී සහල් වර්ග ආනයනය කරන ආනයන කරුවන් ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

8 Comments

  1. Why ? Did nit you all JVP leaders said that you will not import a grain of rice?

    ReplyDelete
    Replies
    1. Maha mall try to capitalize the that sentiment 😂
      So better to import 😁

      Delete
  2. හාල් පිටරටින් ගෙන්වන්න නම් පිටකොටුවේ නාට්ටාමි කෙනෙක්ට කියන්න කිව්වා නේද? දැන් ඉන්නේ ඒ නාට්ටාමිද?

    ReplyDelete
    Replies
    1. අප්පා ....කොමිස් ....කොමිස් .....කොමිස්

      Delete
  3. All the Nattamies are in the parliament. That is why people don't vote.

    ReplyDelete
  4. ලල්ලා ලල්ලලා කොමිස් කොමිෂ් කෝ මේ වෂන්ත...

    ReplyDelete
  5. "පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයායෑම" ග්‍රන්ථය එලිදැක්වීමේ සජීව විකාශනය දැන් යූටියුබ් එකේ නරඹන්න.

    ReplyDelete
Previous Post Next Post