ඉන්ධන මිල සූත‍්‍රය කියන්නේ Exell ෂීට් එකක්.. ලොකු දෙයක් නොවේ.. සිපෙට්කෝ සභාපති


ඉන්ධන මිල තීරණය කිරීම සඳහා භාවිත කරන
"මිල සූත්‍රය" යනු සමාජයේ ඇතැම් පිරිස් පවසන පරිදි සංකීර්ණ නිර්වචනයක් සහිත දෙයක් නොව, එය ඉතා සරල 'Excel ෂීට්' එකක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D J A S De S රාජකරුණා මහතා අවධාරණය කරයි.

මිල සූත්‍රය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින කතිකාව පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ, මෙම ක්‍රියාවලිය තුළ සිදුවන්නේ පිරිවැය සංරචක කිහිපයක් එකතු කර අවසන් මිල ගණනය කිරීම පමණක් බවයි.

ඔහු පෙන්වා දෙන පරිදි ගොඩබෑමේ පිරිවැයට පදනම් කරගන්නේ පසුගිය මාසයේ තෙල් ආනයනය කළ මිලෙහි සාමාන්‍ය අගයයි. පිරිසැකසුම් පිරිවැයට ණයවර ලිපි (LC) විවෘත කිරීමේ ගාස්තු සහ බැංකු ගාස්තු මීට ඇතුළත් වේ. තෙල් ගබඩා කිරීම, බෙදා හැරීම, සේවක වැටුප් සහ නඩත්තු කටයුතු සඳහා වැය වන මුදල වන අතර එය ලීටරයකට රුපියල් 3කට ආසන්න අගයක් ගනී. පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනයට ලීටරයකට රුපියල් 2.64ක් සහ අලෙවි නියෝජිතයන් සඳහා රුපියල් 7ක පමණ මුදලක් වෙන් කෙරේ.

මෙම ගණනය කිරීම්වලින් අනතුරුව ලැබෙන අවසන් පිරිවැය ලේඛනය විෂය භාර අමාත්‍යංශය වෙත යොමු කරන බවත්, ඉන් අනතුරුව බලශක්ති සහ මුදල් අමාත්‍යංශ එක්ව අවසන් මිල තීරණය කරන බවත් සභාපතිවරයා පැවසීය.

මෙම ක්‍රමය තුළ පාරිභෝගිකයා ගසාකෑමට කිසිදු ඉඩක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා, මෙම සියලු දත්ත රේගුව වැනි ආයතන වෙත ඉදිරිපත් කළ යුතු බැවින් ක්‍රියාවලිය ඉතා විනිවිදභාවයකින් යුක්ත බව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් මෙම මිල සංශෝධනය මාසයක අවසානයේ හෝ ඊළඟ මාසයේ මුල් සතියේ සිදු විය යුතු වුවද, යුද්ධය වැනි ලෝක වෙළඳපොළේ ඇති වන අසාමාන්‍ය තත්ත්වයන් හමුවේ ඇතැම් විට නියමිත කාලයට බැහැරව මිල සංශෝධනය කිරීමට සිදු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය


6 Comments

  1. තෝත් සජියගෙ ජාතියේ මොන්ගල් බූරුවෙක් කියල මුලු රටම දන්නවා.

    ReplyDelete
  2. EXPLAIN by your excel sheet WHY PETROL PRICE INCREASED FROM 317/liter to 398/liter ( 25.6%)


    ReplyDelete
    Replies
    1. මොන රෙද්දක් හරි ඇහැට පෙන නීතියක් තියනවනේ දැන් තියන ක්‍රමයේ ක්‍රමයක් නෑනේ නීතියක් නෑනේ ඔබ කරන්නේ ගෙදරට තුන පහ එළවලු මාළු ගෙන ඒක නෙවයි රටක් පාලනය එතැනදී මෙහම ක්‍රම හරියන්නේ නැ එහෙම වුනාම ඔබගේ ඇමතිට වගේම අධි චෝදනා බාරගන්න වෙයි

      Delete
  3. හොඳ පුත්තලම් booruwek

    ReplyDelete
  4. හොඳ පුත්තලම් booruwek

    ReplyDelete
Previous Post Next Post