සිපෙට්කෝ බෙදන්නේ IOC, Sinopec තෙල් පමණයි...


 මෙරට පිරවුම්හල් 150ත් 200ත් අතර ප්‍රමාණයකට තවම ඉන්ධන ලැබී නැති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදාහරිනු ලබන්නේ සයිනොපෙක් සහ අයි.ඕ.සී. සමාගම් ගෙනා ඉන්ධන පමණක් බවත් සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ සමගි වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“පෙබරවාරි මාසයේ 28 වැනිදාට පෙර ඉන්ධන ලීටරයක් කොළඹ වරායට ගොඩබානු ලැබුවේ රුපියල් 148කයි. නමුත් පෙබරවාරි මාසයේ 28 වැනිදාට පසුව ඉන්ධන ලීටරයක් කොළඹ වරායට ගොඩබානු ලැබුවේ රුපියල් 185කට. ඒ අනුව ආණ්ඩුව විසින් ගසාකන ඉන්ධන මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කරනු ලැබුවා. ඒ වගේම රටට අවශ්‍ය පරිදි ඉන්ධන තොග තිබෙන බවත් නැවත අප්‍රේල් මාසයේ ඉන්ධන මිල වැඩි කරන බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා.

ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ඇනවුම් නොකිරීමේ තත්ත්වයකට ගමන් කරමින් සිටිනවා. රට තුළ ඉන්ධන බෙදාහරින රථවලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පෞද්ගලික අංශයටයි. නමුත් මේ වනවිට පෞද්ගලික ඉන්ධන බෙදාහරින රථවලින් සියයට 25ක් පමණ ඉන්ධන බෙදා හැරිමේ කටයුතුවල නිරත වෙන්නේ නැහැ. ඉන්ධන ගබඩාවලට පැමිණ තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් සතුව තිබෙන ඉන්ධන බොදාහරින රථ පමණයි. මේ හේතුවෙන් ලංකාවේ පිරවුම්හල් 150ත් 200 ත් අතර ප්‍රමාණයකට තවම ඉන්ධන ලැබී නැහැ. ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදා හරිනු ලබන්නේ සයිනොපෙක් සහ අයි.ඕ.සී. සමාගම් ගෙනා ඉන්ධන පමණයි.

ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා සහ ආණ්ඩුව බලයට පත්වූ දා සිට බලශක්තියට කණ කොකා හඬලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ ගජ මිතුරෙකු තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කිරීම නිසා තෙල් සංස්ථාවේ සිදුවන කිසිදු දෙයක් පිළිබඳව ආණ්ඩුව සොයා බැලුවේ නැහැ. ඒ නිසා ඉන්ධන බෙදාහැරිමේ විශාල ගැටලුවක් මතු වී තිබෙනවා. ඒ වගේම ඉන්ධන පිරවුම්හල්වලින් අසාධාරණ මුදල් අය කිරීම හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන ඇනවුම් කිරීම අවම වීමේ ඉඩකඩක් ද තිබෙනවා. ආණ්ඩුව පැමිණි දිනයේ සිට දේශීය ව්‍යාපාරිකයන් විනාශ කරන්න කටයුතු කළා. නමුත් පන්නා දමන බව කියු සයිනොපෙක් සමාගමට, අයි.ඕ.සී. සමාගමට, ආර්.එම්. පාර්ක් සමාගමට රටේ ජනතාව ගසා කන තත්ත්වයට පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා'

4 Comments

  1. අනේ මන්දා මොනවා කරනවාද කියලා. යකෝ මොකෙක් හරි දාලා මේවා හොයාපල්ලා මෝඩ ආන්ඩුවේ සෙට් එක. කෝ අර හුන්ඩුවා?
    ඌ කිව්වෙ නම් කොහොමද. කාලකන්නි වල් පරයා.

    ReplyDelete
  2. QR කෝඩ් එක ගෙනාවේ නෑ නියම වෙලාවට. උද්දච්ඡ කම් වල නම් කෙලවරක් නැහැ.
    තාමත් විපක්ශෙට බැන බැන ඇවිදිනවා මිසක් රට පාලනය කරන්න තාමත් සැලැස්මක් නැහැ.
    මම නම් රජයට බනින්නේ නැහැ. අර 68 ලක්ශේ ගොන් නාම්බො ටික අල්ලලා කරත්තවල බැඳගෙන ගමන් යමු. උන් සතුටින් යයි. පෝලිම් වලත් හෙන සතුටින්ලුනෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ. පුනරුද ගව ‍රැලට අනුරගේ කතාවක් දැම්ම නම් ඇති සතියකට.
      තෙත් වෙලා ඉන්නවලුනේ.

      Delete
    2. සිරාවටම. එච්චරටම වහල්ලු සෙට් එකක් තමයි ඩෝබි හැත්ත.
      දැන් ඉන්නේ සල්ලි දීලා ඩෝබිකම් කරන උන් ටිකයි, රදගුරුගේ කපටිකම් වලට ‍රැවටිච්ච මෝඩ පල්ලි කාක්කො ටිකයි තමයි.

      Delete
Previous Post Next Post