ඉන්දියාවෙන් IOC ගෙනා තෙල් නැව සියළු මාධ්‍යවල ප‍්‍රමුඛ පුවතක් වේ...

 


ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. මෙම ඉන්ධන තොගයට ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් ඇතුළත්ය.

ඉන්දීය තෙල් සමාගම (LIOC) විසින් මෙරටට ගෙන්වන ලද ඉන්ධන මෙම නෞකාව පිළිබඳ පුවත අද දිනයේ මෙරට සියලුම මාධ්‍යවල විශේෂ පුවතක් ලෙස පළ විය.

මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ හෝමෝ සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය සැපයුම් ජාලයට එල්ල වූ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමට ද දැඩි බාධා එල්ල විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනවල ඉන්දීය තෙල් සමාගමේ බොහෝ පිරවුම්හල්වලද ඉන්ධන හිඟයක් දක්නට ලැබිණි.

මෙම ඉන්ධන නෞකාව මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡා බලපා ඇත.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ සැපයුම් බාධා පිළිබඳව ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබූ අතර, ඉන්දියාවේ කඩිනම් සහයෝගය මත මෙම ඉන්ධන තොගය මෙරටට ලැබී තිබේ.

මේ පිළිබඳව ජනාධිපතිවරයා සිය ‘එක්ස්’ (X) ගිණුම හරහා ඉන්දීය රජයට ස්තූතිය පළ කර ඇත.

මේ අතර ත්‍රිකුණාමලයේ පිහිටි පර්යන්තයට ද ඉදිරියේදී ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවත්, තවත් ඉන්ධන නෞකා කිහිපයක් ඉදිරි දිනවලදී මෙරටට පැමිණීමට නියමිත බවත් ඉන්දීය තෙල් සමාගය කියා සිටී.

1 Comments

  1. LIOC සමාගමට ඉන්ධන ගෙනෙන්න අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙන්ම දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා කරන්න ඕනි ද? එතකොට පරිප්පු, උම්බලකඩ ගෙනෙන්නත් රාජ්‍ය නායකයෝ සාකච්ඡා කරනවා ද?

    ReplyDelete
Previous Post Next Post