ඉන්ධන සීමා කෙරේ.. QR අරඹයි.. අලුත් QR ගන්න හැටි මෙන්න...

 


මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්වය නිසා දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීමත් හේතුවෙන් අප සතුව පවතින තෙල් සංචිත රටේ ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට ප්‍රවේසම්කාරී ලෙස කළමනා කරණය කළ යුතුව ඇත.

වර්ධනය වී ඇති අසාමාන්‍ය ඉල්ලුමට ප්‍රධාන හේතුව වශයෙන් ඇතැම් පිරිස් විසින් අනීතික ලෙස ඉන්ධන තොග රැස් කිරීමේ ජාවාරම්වල නිරත වීම හඳුනා ගනු ලැබ තිබේ.

එබැවින්, ජාවාරම්කරුවන්ගේ මෙම ක්‍රියාවන් මැඩපවත්වමින් සාමාන්‍ය ජන ජීවිතය සහ රටේ ආර්ථික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම රජයේ අපේක්ෂාවයි.

ඒ අනුව, 2026.03.15 දින උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල දී ගැනීම සඳහා QR කේත ක්‍රමය බලාත්මක කරනු ලැබේ.

2026.03.15 දින උදෑසන 6.00 සිට QR කේතය නොමැතිව කිසිදු ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කරනු නොලැබේ.

QR කේතය ලබාගන්නා ආකාරය:

1. පෙර QR කේතය ලියාපදිංචි කළ අය:

i. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම්, 2026.03.14 මධ්‍යම රාත්‍රියේ සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබට හිමි කේතය භාගත (Download) කරගත හැකිය.

ii. වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති නම්, 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ නැවත ලියාපදිංචි විය යුතුය.

2. පෙර QR කේතය ලියාපදිංචි නොකළ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) අලුතින්ම ලියාපදිංචි කරන ලද වාහන:

i. 2026.03.15 දින උදෑසන 6.00 සිට https://fuelpass.gov.lk/ වෙබ් අඩවියෙන් ඔබ ලියාපදිංචි විය යුතුය.

එක් එක් වාහන කාණ්ඩ සඳහා සතියකට ඉන්ධන ලබාදෙන ඉන්ධන ලීටර ප්‍රමාණ ඇමුණුමේ සඳහන් ව ඇත.

රටේ නිෂ්පාදන කාර්යයන් හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථවාහන සේවා සඳහා අදාල ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ.

පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලට මගින් ඉන්ධන නිකුත් කරනු ලබයි.



7 Comments

  1. දැන් ෂැපද?

    ReplyDelete
  2. දිට්ඨ ධම්ම වේදනීය කර්මයMarch 15, 2026 at 7:39 AM

    ගෝඨගෙ කාලෙ QR ක්‍රමය හඳුන්වාදුන්න වෙලාවෙ කොහොමද හඩු ජෙප්පො උඩපැනපු උඩ පැනිල්ල!

    ReplyDelete
    Replies
    1. ඩෝබිලාට දැන් සැපද? කියල තමයි දැන් අහන්ඩ තියෙන්නෙ.

      Delete
    2. QR ක්‍රමය හඳුන්වාදුන්න වෙලාවෙ Gota hitiye na.

      Delete
  3. කාළකන්නි කුහක ජෙප්පන්ට QR එකවත් හරියට කරගන්න බැහැ. කිව්වෙ අද උදෙ ඉදක් QR වැඩ කියලා, තවම ඇප් එක වැඩ නැහැ. මුං වැඩ කරන පිරිසක් නෙමෙයි, අනුනට වැරදි කියන හොර රැලක් විතරයි.

    ReplyDelete
  4. පුනරුදයට තව ටිකයි

    ReplyDelete
  5. Onna bayiyo foam wela.yako Meka global crisis ekak, mehema hari topita Dena eka loludeyak.tope mahappala hadapu stock tanks koo

    ReplyDelete
Previous Post Next Post