පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස් කිරීමට කටයුතු කළහොත්, ඉන්ධන බෙදාහැරීමේ පද්ධතියට එල්ල වන පීඩනය හමුවේ නැවතත් QR ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය හැකි බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්යාස් මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට තුළ දැනට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවයි.
මේ වන විට මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පෙට්‍රල් දින 37කටත්, ඩීසල් දින 35කටත්, ගුවන් ඉන්ධන දින 47කටත් සහ සුපර් ඩීසල් දින 30කට වැඩි කාලයකටත් ප්‍රමාණවත් පරිදි පවතින බවයි.
ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් ද දැනටමත් සිදු කර ඇති අතර, එම ඉන්ධන තොග මෙරටට ලැබෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගනු ලබන්නේ සිංගප්පූරුව, මැලේසියාව සහ කොරියාව වැනි රටවලින් බැවින්, සැපයුම සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ජනතාව සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩිපුර ඉන්ධන ගබඩා කිරීමට උත්සාහ කළහොත්, ඉන්ධන ප්‍රවාහන ජාලය අඩපණ විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
මේ හේතුවෙන් බූලි සහ වෙනත් බඳුන් වලට ඉන්ධන එකතු කිරීම වහාම නතර කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති අතර, එවැනි කටයුතු සොයා බැලීමට පොලිස් මැදිහත්වීම සිදුකරන බවද ඔහු පැවසීය.
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ නිවාඩු පවා අවලංගු කර ඇති බවත්, බෙදාහැරීම් කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික කළේය

අයටොල්ලා අල් මයිනා ඊළඟට වැලිගම්පිටියේ එනවා ඇත. යනකොට QR එක පුකේ ගසා යැවීමෙන් එහිදී පුකට හොඳ රත් කල යකඩයක් මගින් සැපක් දෙනු ඇත.
ReplyDeleteDitta suli kunatuwa dan ditta dhammavedhaniya karmaya munta parisam denava
ReplyDeleteඑහෙනං බං ඔය මයිනො, කපුටො, කූඩැල්ලෝ පිරුණ සාටක පවුල උපපජ්ජවේදනීය කර්ම රැස්කර ගත්තෙ ලොරි ගනං?
Deleteඊටත් කලින් නේද බං ජෙප්පෝ ආනන්තරීය පව් කරන්න ගත්තේ 80 ගණන්වල
Deleteආනන්තරීය පාප කර්ම හතර නිවරදිව නම් කර බටලන්ද ධර්ම චක්‍රයක් දිනා ගන්න.
Deleteගෝටබය❤මැතිතුමා නැවත කැදවනු. කාලකන්නි ජෙප්පො බලෙන් ගත්ත ආන්ඩුව එලවමු.
ReplyDeleteකැඳවන්න යන්නේ. CID එකෙන් හැබැයි
Delete