ඉන්ධන QR නිසා රෝහල් සේවා අඩාල වෙමින්..


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. 

මාධ්‍ය නිවේදනය

රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන සහ ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව සැපයීමේ අවශ්‍යතාවය.

මෙරට රෝහල් පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීම සහා වැදගත්ම කාර්යභාරය ඉටු කරනුයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. එහිදි විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන් ඒ සහා නායකත්වය ලබා දෙන්නේ සුදුසු වැටුපක් නොමැතිව සහ අවම පහසුකම් ද මධ්‍යයේය.

එහිදී වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරී, පොරොත්තු රාජකාරි සහ හදිසි ඇමතුම් රාජකාරී සඳහා ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සලසා ගන්නා අතර, රාජ්‍ය සේවයේ අනෙක් සමාන්තර කාණ්ඩයන්ට මෙන්, නිල වාහන හෝ ඉන්ධන දීමනා රජයෙන් ලබාදීමක් සිදු නොවෙයි.

වෛද්‍යවරුන් රාජකාරියට වාර්තා කරනුයේ අතිවිශාල පිරිවැයක් දරමින් ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සපයා ගනිමිනි.

මේ වනවිට රට තුල නිර්මාණය වී ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන්ට රාජකාරීයේ යෙදීම සඳහා අවශ්‍ය ඉන්ධන සහ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී ගැටලුකාරී වාතාවරණයක් නිර්මාණය කර ඇති අතර ක්‍රියාත්මක වන QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීමේදි ද ප්‍රයෝගික ගැටලු ගණනාවක් මතු වී ඇත.

මේ වනවිට තම නිවසින් දුරස්ථ ප්‍රදේශවල රාජකාරියේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ පරිපාලන වෛද්‍යවරුන්ට රාජකාරී ඉටුකිරීමට රෝහල් වෙත ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

එමෙන්ම රෝගී සත්කාර සේවා සහා වැය කල යුතු වටිනා කාලය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉන්ධන පෝලිම් වල වැය කිරීමට සිදු වීමද ප්‍රයෝගික නොවේ.

රට තුල බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කිරීමෙහිලා වැඩසටහනක් නිර්මාණය කිරීමේදි සැබෑ ගැටලු හුනා ගනිමින් ප්‍රමුඛතාවයන් නිර්ණය කරමින් ප්‍රායෝගික විසුම් ලබා දීම අතිශයින් වැදගත් වේ.

ඒ අනුව පවතින ඉන්ධන අර්බුදය තුල සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින් මුහුණපාමින් පවතින ප්‍රායෝගික ගැටලු හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබාදීම ඉක්මනින් සිදු කළ යුතුය.

මේ වන විට සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන සහ ප්‍රවාහන පහසුකම් සහා ඍජු ප්‍රවේශයක් ලබා දීම අතිශයින් වැදගත්ය.

මේ පිලිබව අතිගරු ජනාධිපතිතුමා ලිඛිතව දැනුවත් කර දින 5 ක් ගත වී ඇතත්, මෙතෙක් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ගේ රාජකාරීයට පැමිණිමට අවශ්‍ය ප්‍රවාහන සහ ඉන්ධන ගැටලුව විසීම නොසලකා හරිමින් ඒ සහා රජයේ පාර්ශවයෙන් සාධනීය මැදිහත් වීමක් සිදු නොවීම කනගාටුදායක කරුණකි.

මෙරට රෝහල් පද්ධතිය අඛණ්ඩව පැය 24 පුරා පවත්වාගෙන යාමට නම් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රෝහලට පැමිණිය යුතු අතර ඊට බාධාවක් වී ඇති ඉන්ධන අර්බුදය විසීමේදි සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් ප්‍රමුඛ කරුණක් සේ සලකා විසීමට රජය, සෞඛ්‍ය අමාත්‍යතුමා සහ වගකිවයුත්තන් වහාම මැදිහත් විය යුතු බව අප තරයේ විශ්වාස කරමු.        

1 Comments

  1. This is partially true. Doctors and Nursers do not use extra vehicles other than Ambulance, that too , is not avaible due to driver unavailability. These buggers overeact. If the testing of vital investigation is done outside the hospital and these people make this full blowen story.

    ReplyDelete
Previous Post Next Post