ඉන්ධන QR යලිත්..? නිවසේ සිට වැඩ කරන්නත් අවධානය..


පවතින බලශක්ති අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා රජයේ සේවකයන් නිවසේ සිට රාජකාරි කිරීමේ
(WFH) ක්‍රමය යළිත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජය දැනටමත් අවධානය යොමු කර තිබේ.

මෙම නව තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කළ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතා, අදාළ ක්‍රමවේදය සැකසීම සඳහා විවිධ ක්ෂේත්‍රවලින් උපදෙස් සහ යෝජනා ලැබෙමින් පවතින බව තහවුරු කළේය.

ලෝකයේ ඕනෑම රටක බලශක්ති හිඟයක් ඇති වූ විට මෙවැනි විකල්ප සේවා ක්‍රමවේද භාවිත කිරීම පොදු සම්ප්‍රදායකි.

මීට පෙර කොවිඩ් වසංගත කාලසීමාව තුළදී ද මෙම ක්‍රමවේදය මෙරට සාර්ථකව අත්හදා බලා ඇත.

මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය මත ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර, සැපයුම් ජාලයට බාධා එල්ල වුවහොත් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඉන්ධන පිරිමැසීම සහ විධිමත් බෙදාහැරීම අරමුණු කරගනිමින්, පෙර පැවති "QR" කේත ක්‍රමය හරහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ ද යළි හඳුන්වා දීමට රජයේ සලකා බැලීමට ලක්ව ඇත.


2 Comments

  1. Aanduvata vena mokuthma karaganna bari vunama Ranil / Kanchana ge QR eka genavoth unta redi na. Mechchara kal genave nathi hethuvath aeka kiyala api nodannava kiyala hithuvada danne na. Habei dan QR eka un genava kiyannath bari na.

    ReplyDelete
Previous Post Next Post