මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බලපෑම හමුවේ, මෙරට බලශක්තිය සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් 'නිවසේ සිට වැඩ කිරීමේ' (Work From Home) ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වෙළෙඳ, වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ලෝක වෙළෙඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ යාම මෙන්ම නැව් ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙරට සියලුම භාණ්ඩවල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනටමත් තෙල් මිල ඉහළ දමා ඇති අතර, ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ඉදිරියේදී යම් මිල සංශෝධනයන් සිදු කිරීමට සිදුවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඇතැම් පෞද්ගලික ගෑස් සමාගම් පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් අනිසි වාසි ලබා ගැනීමට උත්සාහ කරන බවට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.
මෙරට ගෑස් සැපයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව සතුව දැනට පවතින්නේ දින හයකට පමණක් ප්‍රමාණවත් ගෑස් ගබඩා කිරීමේ ධාරිතාවක් බවයි. මේ හේතුවෙන් සෑම දින තුනකට වරක්ම මෙරටට ගෑස් නෞකාවක් ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවත්, ඒ හරහා හිඟයකින් තොරව ගෑස් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
ගෝලීය අර්බුද හමුවේ විවිධ රටවල් අනුගමනය කරන 'Work From Home' වැනි සංකල්ප පිළිබඳව රජය අවධානයෙන් පසුවන බව අමාත්‍යවරයා කියා සිටියේය. "දැනට එවැනි ක්‍රමවේදයකට යාමට තරම් බරපතල ගැටලුවක් මතු වී නැහැ. නමුත් අවශ්‍යතාවයක් මතු වුවහොත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි සලකා බලනවා" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, බලශක්තිය පිරිමැසීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බවත්, අර්බුදයක් ඇති වූ සැණින් කලබල වී ඉන්ධන පෝලිම් නිර්මාණය කරගන්නවාට වඩා පවතින සම්පත් බුද්ධිමත්ව කළමනාකරණය කර ගැනීමට ජනතාව උනන්දු විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ලෝක දේශපාලනික තත්ත්වයන් මත මෙරටට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමටත්, මහජන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත් රජය අවශ්‍ය උපායමාර්ගික සැලසුම් සකස් කරමින් සිටින බව ද ඔහු පැවසීය

කොළඹ අවට සමහර ෂෙඩ් වල ආයේ තෙල් නැත්තේ ඇයි
ReplyDeleteරජයේ සේවකයො නම් කොහොමත් work from home garden restaurants
ReplyDeleteරජයේ කාර්යාලයකට ගිහින් බලන්න 11ත් 1ත් අතර කට්ටිය ශොපින් ගිහින්. පුටු හිස්.සදුදා බදාදා වත් පුටු වල නෑ. පුලුවන් තරම් මිනිස්සු හරවල එවන එක කරන්නෙ.