සතියට දවසක් Work From Home අරඹයි...


පවතින බලශක්ති ගැටලුවට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස
, රජයේ සේවකයින් සඳහා සතියකට දින හතරක සේවා කාලයක් නියම කිරීමේ හැකියාව පිළිබඳව පාලන අධිකාරිය දැඩි අවධානයක් යොමු කර ඇත.

මේ පිළිබඳව වන අවසන් එකඟතාවයකට එළඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් අද (16) සන්ධ්‍යාවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක් පැවැත්වේ.

මෙම තීරණාත්මක සාකච්ඡාවට එක්වන ලෙස සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මේ වන විටත් ආරාධනා කර තිබේ.

රජයේ මෙම සූදානම පිළිබඳව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ යෝජනාවට අමතරව තවත් විකල්ප ක්‍රමවේද කිහිපයක් කෙරෙහිම රජයේ අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම, රටේ වත්මන් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නව සැලසුම් පිළිබඳව ද මෙම රැස්වීමේදී දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමට නියමිතව ඇත.

2 Comments

  1. ඔය වගේම පාසැල් වල කටයුතුත් online කරන්න - අඩු ගානේ 6 ශ්‍රේණියේ සිට ඉහලටවත් (ප්‍රාථමික ශ්‍රේණි වල ළමයින්ට ගුරුවරයා සමග සිටීම වැදගත් විය හැකි වුවත් ඉහල පන්ති වල එහි එහෙමට වැදගත් කමක් නෑ) වැඩ පිළිවෙලක් සකස් කළා නම් හොඳයි.

    ඉන්ධන අර්බුද ඇති විට පමණක් නෙමෙයි - සදහටම. ප්‍රවාහනයයි සන්නිවේදනයයි දෙකක් ඕනේ නෑ. අවශ්‍ය වන්නේ ඩිජිටල් තාක්ෂණය නිසි ලෙස දියුණු කර ගැනීමයි. මේ වෙලාවේ එහෙම දියුණුවක් ලබලා නැත්තන් මේ අර්බුදය අවසන් වූ වහාම Working From Home වලට Learning From Home වලට අවශ්‍ය තාක්ෂණය වර්ධනය කරන්න රජය ප්‍රමුඛතාවය දිය යුතුයි. නිකං බොරුවට පාරේ රස්තියාදු වෙන වෙලාවෙන් ඵලක් ඇති වැඩක් කරන්න පුළුවනි.

    ReplyDelete
  2. මේක කරන්න නම් ඉඩදෙයිද දන්නෙ නෑ. ලංකාවේ මාණ්‌ඩලික/පරිපාලන නිලධාරීන්ට ඉන්ධන දීමනාව 75000ට වඩා වැඩියෙන් ඒ ඒ ශ්‍රේණිවලට ලැබෙන්නෙ. ඔවුන් කැමති නැ work from home. කරන්න.
    ඔන්න රජය ඉන්ධන දීමනාව දෙන්නෙ නෑ කිව්වොත් කැමති වෙයි.
    හැබැයි මේක කරොත් රජයටත් ලාබයි. A/c නැ . Current billනෑ. රජයේ සේවකයාට තියෙන cost of living එකට සෑහෙන රුකුලක් වෙයි. දින 2 ක් කරොත් වඩා හොදයි
    හැබැයි

    ReplyDelete
Previous Post Next Post