භාණ්ඩාගාරයට හැකර් ප‍්‍රහාරයක් නොවේ.. මූල්‍ය රෙගුලාසි පියවර 13ම සම්පූර්ණ කරලා.. ලේකම් අනුමැතිය දීලා..


භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශය හරහා සිදුව ඇති ඩොලර් මිලියන
2.5කට අධික මූල්‍ය අක්‍රමිකතාවය හුදු පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමක් (Computer Hacking) නොව, රජයේ මූල්‍ය රෙගුලාසිවලට අනුව සම්පූර්ණ කළ යුතු පියවර 13ම අනුගමනය කරමින් සිදුකළ ගනුදෙනුවක් බව හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පහළ මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකු බිල්ලට දී ඉහළ නිලධාරීන් මෙයින් ගැලවීමට උත්සාහ කරන බවයි.

සාමාන්‍යයෙන් මෙවැනි විදේශීය ණය වාරික ගෙවීමකදී (Term Loan) අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට පහළ නිලධාරීන් දක්වා පියවර 13ක් පසුකළ යුතු බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

"මේක තනි පුද්ගලයෙක් සිස්ටම් එකකට ඇතුළු වෙලා කරන හැකින් එකක් නෙවෙයි. අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව, අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් හරහා ලිපිකරු මට්ටම දක්වා නිලධාරීන් පියවර 13ක් සම්පූර්ණ කරලයි මේ මුදල් ගෙවා තිබෙන්නේ" යයි ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ වත්මන් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට ලංකාවේ රාජ්‍ය සේවය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව නිසි අත්දැකීමක් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් බව තෙන්නකෝන් මහතා චෝදනා කරයි.

ඕස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ සේවය කර මෙරට ලේකම් ධුරයට පත්වූ ඒ මහතාගේ පළමු අත්සන නොමැතිව කිසිදු ණය වාරිකයක් ගෙවිය නොහැකි බවත්, මෙම මතභේදාත්මක ගෙවීමද ඔහු මීට පෙර සේවය කළ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ණය මුදලක් බවත් මෙහිදී අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට වැඩ තහනමට ලක්ව ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරියක් සහ ගණකාධිකාරීවරියක් ඇතුළු පහළ මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකු පමණි

"මූල්‍ය රෙගුලාසි 135 යටතේ වගකීම පැවරෙන්නේ ඉහළ නිලධාරීන්ටයි. ලේකම්වරයාගේ අනුමැතිය නැතුව මේ මුදල් ගෙවන්න කිසිදු ක්‍රමයක් නැහැ. නමුත් අද වෙන්නේ මේ මහා අපරාධයට පහළ නිලධාරීන් බිල්ලට දී ඉහළ අය නිදහස් වීමයි" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

රටක භාණ්ඩාගාරය මෙලෙස මංකොල්ලකෑම බරපතල තත්ත්වයක් බවත්, වහාම ක්‍රියාත්මක වී රාජ්‍ය සේවය පිළිබඳ මනා අවබෝධයක් ඇති නිලධාරියෙකු මුදල් ලේකම් ධුරයට පත්කළ යුතු බවත් තෙන්නකෝන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

එසේ නොවුණහොත් භාණ්ඩාගාරය බිඳවැටීම වළක්වා ගත නොහැකි වනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය

21 Comments

  1. එතකොට ගජ මිතුරන්ට, කැළණි සගයන්ට ජොබ් කෝ කෝ කෝ

    ReplyDelete
  2. භාන්ඩාගාරයේ කෝටි ගනනක මුදල මාටියා ගැහුවෙ කවුද කියල දැනගන්න ඕනෙනම් අද Dark Room ඩාක් රූම් වෙබ්සයිට් එක නිකුත් කරල තියෙන
    "ආණ්ඩුවට තව හෙනයක්" කියන අලුත්ම වීඩියෝව බලන්න.

    ReplyDelete
    Replies
    1. එපා ඩාක් රූම් වැඩක් නෑ, බලන්ඩ හොඳම චැනල් එක "මාතලන්", ඒක බලන්ඩ. ඩාක් රූම් ගොම් පාට්. පුකේ පොල්ලෙල්ලක් හිරවෙලා වගේ වේස බැල්ලියෙක් කෑ ගහනවා එච්චරයි.

      Delete
    2. පතිරණ ගලප්පත්තිApril 23, 2026 at 11:20 PM

      පුකේ පොල්ලෙල්ල හිරවෙලානම් බල බලා ඉන්නෙ මොන එහෙකටද යකෝ. 

      පොල්ලෙල්ල ඇදල දාල කීයක්හරි හොයාගනින්.

      Delete
    3. පොල්ලෙල්ල ඇදලා කීයක් හරි හොයා ගන්නේ කෝමද ගලක්පත්ති අයියාහ්

      Delete
    4. පතිරණ ගලප්පත්ති (Real)April 24, 2026 at 12:24 AM

      මම මේකේ කමෙන්ට් කරලා නෑ, කවුද ගොනෙක් මගෙ නම කොපි කරලා.

      Delete
  3. NPP හොර හැත්ත හැදිගැවිලාම පල පැල වත්තකට හෙනම ගහපිය කාලකන්නි හොර බල්ලො 1971 ඉදන් රට කැවා අවුරුදු 55ක සාපය දැන් දාපියකො පලාත් සබා මැතිවරණය තොපිට ලංකාවෙන් ජන්ද 10000නැහැ

    ReplyDelete
  4. එතකොට ණය දුන්න එකාගේ මුදල ගෙවිලාද තියෙන්නේ ? ඒක කියපංකෝ ලොරි ටෝක් නැතුව.

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්තිApril 23, 2026 at 11:10 PM

    ඕස්ට්‍රේලියන් high commission එක official statement එකක් දුන්නා ගෙවීම් වලට සයිබර් හැකර් ප්‍රහාරයක් දියත් වූ බවට, සහ ඒ පිළිඹඳව පරීක්ෂණ කරණ බවට. හොරකම් කරලා කරලා තිරිහන් වුණ විපක්ෂ සුන් බුන් ස්වභාවික ආපදා, සයිබර් ප්‍රහාර, ආණ්ඩුවේ වැරදි විදියට පෙන්නලා අහිංසක ජනතාව ආපහු මුලා කරන්ඩ හදනවා. ඒවා ට මේ කපේදී ඉඩ දෙන් නෑ. නෑ ම තමයි.

    ReplyDelete
    Replies
    1. ආප්ප ඇන්ටිApril 23, 2026 at 11:38 PM

      පතිරණ ගල් අප්පච්චි ආපසු පැමිණ ඇත කෙබර කොටා ගේ දෝබියා

      Delete
    2. ආණ්ඩුවෙන් කියනවා හැකර ප්‍රහාරය මුදල් අමාත්‍යාංශයට කියල. එහෙමනම් ඕස්ට්‍රේලියන් High Commission එක මොකටද ප්‍රකාශ නිකුත්කරන්නෙ?

      Delete
    3. ලංකාවේ හැකර් මහත්වරු හොරකං කළාම ඔස්ට්‍රේලියාව ඉස්ටෙට්මන්ට් දෙන්නේ ඇයි ගලක්පත්ති අයියාහ්
      හර්සන ගේ මැද නම හැකර් ද අයියාහ්

      Delete
    4. පතිරණ ගලප්පත්තිApril 24, 2026 at 12:13 AM

      අයිසේ මුන් මොක්කුද මේ? ඕයි, payment එක due තියෙන්නේ ඕස්ට්‍රේලියාවට, ඒක තමයි හැක් කරලා තියෙන්නේ, කොහෙද කවද කාපු ටකරන් ද, තොපි දන්න මඟුලක් නැත්නම්, දන්න රෙද්දක් ගැන කථා කරපියව්, ත්‍රී වීල් එකක් ගැන, අරක්කු තැබෑරුමක් ගැන, කුලී වැඩක් ගැන, මළ ගෙදරක් ගැන, ඔය තියෙන්නේ තොපිට ගැලපෙන ටොපික්, අන්න ඒවා ගැන කථා කරපියව්, තොපි හරක් නේ.

      Delete
  6. බල්ලගෙ කාර්යය බුරුව කරන්න ගියාම ඔහොම වෙනවා

    මුගේ සබාපති ලා ලේකම් ලා ඔක්කෝම මුට කඩේ ගියා යාළුවෝ අත්දැකීම්, සුදුසුකම් ශුන්‍යයි

    උන් දන්නේ උත්ඝෝෂණ කරන්න විතරායි

    ReplyDelete
  7. දෙන එක දෙනවා ආයෙ ලොවෙත් නැතිවෙන්නම
    එහෙම නේද පතිරණ ගලප්පත්ති

    ReplyDelete
  8. ගල් අඟුරු හොරා යනකොට භාණ්ඩාගාර හොරු!

    ReplyDelete
  9. මේ හර්ෂණ සූරියප්පෙරුම කියන අපතයගෙ මූන බලපුහම කියන්ඩ පුලුවන් ඌ නීලකාස හොරෙක් කියල.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවෙදිත් වංචාවට අහුවෙලා එහෙන් පන්නපු එකෙක්නෙ මෙයා.

      Delete
  10. මුදල් හොර ඇමතියා ඉල්ල අස්වෙනු

    ReplyDelete
Previous Post Next Post