ලෝකයෙන්ම වැඩිම මිලට ලංකාව ඩීසල් ගෙන ඇත්තේ රුසියාව බැරලයක් 150ට දෙන්න අහද්දී...


රුසියාව විසින් සහනදායී කොන්දේසි යටතේ මෙරටට ඛනිජ තෙල් ලබා දීමට කැමැත්ත පළ කර තිබියදීත්
, රජය එම අවස්ථාව මගහරිමින් සිටින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම සංවිධානයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මේ බව අවධාරණය කර ඇත.

රුසියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර සෘජු ගනුදෙනුවක් ලෙස සහන ණය පදනම මත ඩීසල් බැරලයක් ඩොලර් 150-160ත් අතර මිලකට ලබා ගැනීමට හැකියාව පවතින බව එම ලිපියෙහි සඳහන් වේ.

එසේ තිබියදී, ඉන්දියානු සමාගමකින් ඩීසල් බැරලයක් ඩොලර් 286ක් වැනි ඉහළ මිලකට මිළදී ගැනීම ගැටලු සහගත බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින බ්‍රිතාන්‍ය වැනි රටවල සහය පැතීමට වඩා, දැනටමත් සහන මිලට තෙල් සැපයීමට ඉදිරිපත් වී සිටින රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරීම බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රමුඛ කාර්යය විය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.

ෂීෂෙල්ස් රාජ්‍යය පවා රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට සමත්ව ඇති පසුබිමක, ශ්‍රී ලංකාව එම මිත්‍රත්වයේ දෑත් ප්‍රතික්ෂේප කිරීම ජාතික අපරාධයක් බව එම සංවිධානය පවසයි.

එබැවින් පටු දේශපාලනික හෝ නිලධාරිවාදී බාධාවන් පසෙකලා, ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීම මත රුසියාවෙන් සහන මිලට තෙල් ලබා ගැනීමට වහාම කටයුතු කරන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් ඉල්ලා සිටියි.




5 Comments

  1. මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද? අම්මපා!

    ReplyDelete
    Replies
    1. varadda mokakda ,wadima loku ganata aran thiyenne, 600 > 150


      ANKA GANITHE

      Takaramata miliyanayak denwane

      Delete
  2. Jeppo gahanawa loweth nathiwenna. Chandey dunna ewun puka muney thiyan parey yanney. Lajjai Lajjai.

    ReplyDelete
  3. මහින්ද❤මහත්තයා ට හොරා කියන එවුන්ට විරුද්ධ ව නඩු දාපල්ල. අත් අඩංගුවට අරන් හිරේ දාන්න ඕන බොරු කියන ජවිපා සක්කිලි

    ReplyDelete
  4. රාජපකකසකසApril 28, 2026 at 3:11 PM

    රාජපකකසකස හොරා සහ සනුහුරේ,බැංකු හොරා කුඡීත කඡු මුත්තා වහාම අත්අඩංගුවට ගෙන රාඡ්‍යයට අහිමි කල මුදල් වහාම අ්පත්කර ගැනීමට ක්‍රීයාත්මක වනු,.! පුක උල්කර බොරැ කියනා දූෂිතයා(හොරා) හැකර් ටොම් පචයා, අැතුලු පිසාචඡුන්ටාව අාන්ඩුව භාරගත් දිනයේ සිට රාඡ්‍ය පාවාදුන් පාහරයා නන්දලාල් සමග දිගටම වංචා දූශණ සිදුකර අැති බැවින් වහාම සමස්ථ රාඡ්‍යයේ මුදල් ගනුදෙනු වහාම විගණනයට ලක්කරනු ,..!
    දූශිතයන් වහා වටලනු,.!

    ReplyDelete
Previous Post Next Post