තමාට එරෙහිව එල්ල වූ ගල් අඟුරු වංචා චෝදනා සහ නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් එවකට පැවති දේශපාලන බලපෑම් පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විශේෂ අනාවරණයක් සිදු කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමඟ පැවති අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
නොරොච්චෝලේ බලාගාරය අවසන් කර එය විවෘත කිරීමට කටයුතු කරන අවස්ථාවේදී, එයට 'ලක්විජය' ලෙස නම තැබීමට රාජපක්ෂ පවුලේ ඇතැම් සාමාජිකයන් විරුද්ධ වූ බව රණවක මහතා අනාවරණය කළේය.
සෑම ව්‍යාපෘතියකටම මහින්ද රාජපක්ෂ මහතාගේ නම දැමිය යුතු බවට ඔවුන්ගේ මතය වුවද, තමා එම විරෝධය නොතකා ලක්විජය යන නම යෝජනා කර එය මහින්ද රාජපක්ෂ මහතා ලවාම විවෘත කරවූ බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
2012 වසරේදී අමාත්‍යාංශයට හෝ විදුලිබල මණ්ඩලයට නොදන්වා නැව් සංස්ථාව මගින් අතිරේක ගල් අඟුරු නැව් දෙකක් ගෙන්වා තිබූ බවත්, වාරය අවසන් වී තිබූ බැවින් ඒවා ගොඩබා ගැනීමට නොහැකි වූ බවත් ඔහු පැවසීය. නීතිපති දෙපාර්තමේන්තුවේ එවකට සිටි උසස් නිලධාරියෙකුගේ (ඔහු දැනට අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම තනතුරක සිටින බව ඔහු පවසයි) උපදෙස් මත එම නැව් ගොඩබෑමට උත්සාහ කළද, තමා පැනවූ නියෝගය උල්ලංඝනය කරමින් එම නැව් සඳහා ණයවර ලිපි (LC) විවෘත කළ ලංකා විදුලිබල මණ්ඩලයේ එවකට සිටි සභාපතිවරයා තනතුරෙන් නෙරපා හැරීමට තමා කටයුතු කළ බව රණවක මහතා හෙළි කළේය.
ආණ්ඩුව තුළ සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව කළ දැනුම්දීමකට ප්‍රතිචාරයක් ලෙස තමාට එරෙහිව මෙම බාල ගල් අඟුරු චෝදනාව එල්ල වූ බව හිටපු අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එවකට පුවත්පත් මගින් මේ සම්බන්ධයෙන් විශාල මතයක් නිර්මාණය කළද, අදාළ ගල් අඟුරු වල තාප ධාරිතාවයේ තිබුණේ 0.5% ක වැනි සුළු අඩුවක් පමණක් බවත්, ඉන් බලාගාරයේ නිෂ්පාදනයට බලපෑමක් නොවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
තමාට එල්ල වූ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කර ඉන් අනතුරුව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව රණවක මහතා පැවසීය.
වංචා දූෂණ සිදු වන රජයක් තුළ තවදුරටත් රැඳී සිටිය නොහැකි බැවින් තමා එම තීරණය ගත් බවත්, පසුව එම රජය දේශපාලනිකව පරාජය කිරීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය

පල පල යන්ඩ බොරු බේගල් නොකියා. උඹ ඇමති තනතුරෙන් ඉල්ලා අස්වුනේ නෑ, උඹව ඇමතිකමෙන් අයින්කලා.
ReplyDeleteඑහෙම නම් ගල අගුරු කල බලන කතා නොකිය එලවන්න තිබුනේ . දැන් දොබි සෙට් එක කියන්න හදන්නේ
Deleteඑදා කල නම් දැනුත් කරන්න දීපන් කියලද