ආණ්ඩුව කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කළද බාල ගල් අඟුරු හොඳ ගල් අඟුරු බවට පත් නොවන බව හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව කලින් ආණ්ඩුව මේ ආකාරයටම පරාජය කළද බාල බෙහෙත් හොඳ බෙහෙත් නොවූ බවයි.
එදා ජනතාව විරෝධය මැද ආණ්ඩුවම කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග සිටගත් ආකාරයටම මෙදා ආණ්ඩුවම කුමාර ජයකොඩි මහතා සමග සිටගත් බවත් විශ්වාසභංගය පරාජය කොට පම්පෝරි ගසා ගෙදර ගිය බවත් ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.
ආණ්ඩුව විශ්වාසභංගය පරාජය කළද බාල ගල් අඟුරු ගෙන්වා ඇති බව පිළිගත් බවත් ඊට වගකිව යුත්තේ ඇමති නොවන බවට ආණ්ඩුව තර්ක කළද එම පාඩුව පියවන්නේ කවුදැයි ඩිලාන් පෙරේරා ප්‍රශ්න කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඩිලාන් පෙරේරා මහතා මේ බව කීය.
