2019 පාස්කු ඉරු දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2017 සිට සිදුකරන ලද කුමන්ත්‍රණයක් බවට මේ වනවිට සිදු කරන ලද විමර්ශන ඔස්සේ අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.
පාර්ලිමේන්තුවේ කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ 2018 වසරේදී වව්නතිවු පොලිස් මුරපොළේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන නිසි ලෙස සිදු කර සැබෑ චූදිතයන් අත්අඩංගුවට ගත්තේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවය.
එදා වව්නතිවු ඝාතනය සම්බන්ධයෙන් සිදු වූ විමර්ශන හිතාමතාම නොමඟ යවා ඇති බවත්, එය කුමන්ත්රණයක ප්‍රතිඵලයක්ද යන්න පිළිබඳව වත්මන් රජය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එවකට පැවති රජය යටතේ මෙම ඝාතනය එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් විසින් සිදු කළ බවට පෙන්වා දෙමින් කන්නමොහොත් අජන්තන් සහ රාසනායකම් සර්වනාදන් යන අය අත්අඩංගුවට ගෙන සිරගත කර තිබූ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. නමුත් සැබෑ ලෙසම මෙම ඝාතනය සිදු කර ඇත්තේ සහරාන් හෂීම්ගේ කණ්ඩායම විසින් බව මේ වන විට හෙළි වී ඇතැයි ඔහු පැවසීය. සහරාන් ඇතුළු පිරිස මෙම සිද්ධියෙන් මුදවා හැරීම සඳහා විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බවත්, එය හිතාමතාම විමර්ශන නොමඟ යැවීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
වව්නතිවු ඝාතන විමර්ශනයට බාධා කිරීම සහ නොමඟ යැවීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ඇමතිවරයා සභාවට දැනුම් දුන්නේය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තංකුඩි ප්‍රදේශයේ පදිංචි ජසීල් බාවා ජෙගීල් පාස් සහ ලහුගල පදිංචි සුවඳරාල සුදුිලේගේ සරත් සමන්ත යන අයයි.
මොහොමඩ් සාරිෆ් ආදම් ලෙබ්බේ හෙවත් 'ගපූර් මාමා' නැමැති සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මියගිය නිලධාරීන් සතු වූ රිවෝල්වර දෙක සහ තවත් ආයුධ සොයා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා හෙළි කළේය. ඉන් එක් රිවෝල්වරයක් නින්තවුර් ප්‍රදේශයෙන් ද, අනෙක් රිවෝල්වරය සහ පිහි දෙකක් වනාතවිල්ලුව ප්‍රදේශයෙන් ද සොයාගෙන ඇත.
එදා මෙම විමර්ශන නිසි මඟට යොමු කළේ නම් සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට අවස්ථාව තිබූ බවත්, එසේ වූයේ නම් 2019 අප්‍රේල් 21 වනදා සිදු වූ විනාශකාරී පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ඉඩ තිබූ බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේය

අපේ ඊබ්‍රාහිම් සහෝදරය තමයි ස්පොන්සර්ෂිප් එක දුන්නේ.
ReplyDeleteOka ubala kiyanna oneda. Oka edahhas valama dhannavne. Oya vimarshana kale ubala ekka inna eunmane
ReplyDeleteවිජේ පල හුත්තෝ, රාජපක්ශ කම්බ හොරු තමයි ඔය පාහර වැඩේ කලේ කියලා තොපිට කියාගන්න බැරි ඇයි පරයෝ? ඕකේ මහ මොලකරු වෙන කවුරුවත් නෙමෙයි පකයෝ. දාතු මොල 7 මිස්ටර් 10% කැරි කපුටා. ඒක කියන්න තොපිට කොන්දක් නෑ ටිරාන් වලස් අහුකොන් ඔක්කොම ලොවෙත් දන්නවා.
Deleteඇයි මේ FBI රිපෝට් එකෙන් රිපෝට් එකක් දීල තියෙද්දි තව බයිල ගහන්නෙ. මුන්ගෙ අනිත් සක්කිලි වැඩ වගේම තමයි මේකත්. ඒ රිපෝට් වලින් අපරාද නඩු ගොනු කරන්න කියල චූදිතයන් දෙන්නෙක්ට වැඩේ බාර දීල. මොන විහුලුවක්ද ඒක.
ReplyDeleteයකෝ අද ඊයෙ උනා වගේ අඟවලා සමාජය නොමග යවන හැටි.
ReplyDeleteඒ පිස්තෝලෙකින් තමයි සහරාන් මාවනැල්ලෙ තස්ලිම්ට වෙඩි තිබ්බෙ.
ඕවා අහුවෙලා ගොඩක් කල්.
ඕවා වෙන කාලෙත් ශානි තමයි CID ඩිරෙක්ටර්.
ඉතිං අල්ලන්න තිබ්බානෙ.
තොපේ යහපාලනය වෙලාවෙ බුද්ධි අංශ 98 පාරක් කිව්වානෙ.
ආරක්ෂක ලේකම් කිව්වෙ "ගහනවා කියලා දැනගෙන හිටියා" කියලා.
ඉතිං නවත්තන්න තිබුන නෙ ?
එප්ස්ටීන් ෆයිල් වල කුඩා බිලිදුන් ජාවාරම සම්බන්ධ යෙන් තෙරේසා මව්තුමියගෙ නම තියෙනවලු. ඉන්දියවේ දරු ජාවාරමට පල්ලිය සම්බන්ද චිත්‍රපට පවා හදල තියෙනවා. අපේ රටේත් මහින්ද මහත්තයා ගෙ කාලේ පානදුර බේබි ෆාම් එකක් වටලල ඒකෙ පූජකවරියන් ඇතුලු සියලු දෙනා අත්අඩ්ංගුවට ගත්තා. .පස්සෙ පල්ලියේ මහ උන්දෑ තර්ජනය කරා ඒ අය නිදහස් නොකොලොත් රටේ කිසිම ජාතික උත්සවයට සහබාගී නොවනබව. ඉතින් රිලීස් කරා. මුන්දලාගෙ නමුත් එප්ස්ටීන් ෆයිල් වල තිබේදැයි ඉදිරියට බලමු. මේ මුලු ජවිපා ආන්ඩුවම බලයට ආවේ පාස්කු ප්‍රහාරෙන් තමයි. 2017 ඉදන් කුමන්ත්‍රණ කරල.
ReplyDelete