ලංකා විදුලිබල මණ්ඩලය විසින් එහි සේවකයින් සදහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබානොගෙන 2024 වර්ෂය තුල පමණක් රුපියල් මිලියන 1,060.02ක විවිධ දිමනා ගෙවා ඇති බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණු ලැබු දිමනා ලැයිස්තුවට ඇතුළත් නොවු දිමනා වෙනුවෙන් මෙම මුදල ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
එකි අමාත්‍ය මණ්ඩල තිරණයට අනුව වෘත්තිය දිමනාවට හිමිකම් ඇති නිලධාරින්ට රදවා ගැනිමේ දිමනාව නොගෙවිය යුතු වුවත් වෘත්තිය දිමනාවට හිමිකම් ඇති නිලධාරින් 601දෙනෙකු සදහා 2024 වර්ෂය තුලදි රදවා ගැනිමේ දිමනා ලෙස රුපියල් මිලියන 191.3ක මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම 2013 වර්ෂයේ සිට 2024 දක්වා වු කාලය තුල සේවකයින් විසින් ලබාගෙන ඇති දේපල ණය සදහා අයකොට ඇති පොළි මුදලින් තුනෙන් දෙකක මුදලක් එනම් රුපියල් මිලියන 19,384.8ක මුදලක් භාණ්ඩාගාර අනුමැතිය රහිතව ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

දිමනා ගෙවීම නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් පුනර්ජනනීය බලශක්ති බලාගාර කඩාකප්පල් කරලා, විදේශ විනිමය මාසෙකට ඩොලර් මිලියන 300ක් විතර ඉතුරු කරන්න තිබුන අවස්ථාව නැති කරලා, මිනිස්සුන්ට ලයිට් කපලා කරපු නාඩගමට නම් හෙනම ගහන්න ඕන.
ReplyDeleteඒ කාලේ අපි කිව්වා සෝලාර් ගහන කොම්පැනි වැහෙනවා, 7000කට විතර ජොබ් නැති වෙනවා, ඊට පස්සේ ලයිට් බිල් වැඩි වෙනවා, ඩීසල් වලින් මුන් යුනිට් එක 101ට ගන්නවා කියලා.
Deleteඑතකොට ඩෝබිලා ඇවිත් කිව්වා එහෙම වෙන්නෙ නැහැ කියලා. දැන් සනීපයි නේ.. තාම පටන් ගත්තෙ නැහැ. එතකොට බලමු.