උද්ධමනය 250%කින් වැඩි වේ..


 ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, 2026 අප්‍රේල් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය 5.4% ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය මාර්තු මාසයේ වාර්තා වූ 2.2% ක උද්ධමන අනුපාතයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

මෙම මිල ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම බලපා ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මතුපිට උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වූ අතර, එය මාර්තු මාසයේ පැවති 2.2% ට වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයකි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ පැවති 0.7% සිට අප්‍රේල් මාසයේදී 2.8% දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසය වන විට 6.8% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය මාර්තු මාසයේ වාර්තා වූයේ 2.9% ක් ලෙසය.

නිතර මිල වෙනස් වන ආහාර සහ බලශක්ති වැනි වියදම් ඉවත් කර ගණනය කරනු ලබන 'යටි දැරි උද්ධමනය' (Core Inflation) අප්‍රේල් මාසයේදී 3.8% ක් ලෙස සටහන් විය.

වාර්තාවට අනුව අප්‍රේල් මාසයේදී මිල මට්ටම් ඉහළ යාම සඳහා ප්‍රවාහන වියදම් සහ ආපනශාලා හා හෝටල් ගාස්තු ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ප්‍රවාහන කාණ්ඩයේ උද්ධමනය 11.6% ක් තරම් ඉහළ අගයකට පත්ව ඇති අතර මාර්තු මාසයේදී එය පැවතියේ 0.8% ක් වැනි පහළ මට්ටමකය.

මෙම කාණ්ඩයේ මිල ගණන් 10.5% කින් ඉහළ ගොස් ඇත.

අධ්‍යාපන වියදම් 6.5% කිනුත්, නිවාස, ජලය, විදුලිය හා ගෑස් කාණ්ඩයේ මිල ගණන් 5.4% කිනුත් ඉහළ ගොස් තිබේ.

2026 මාර්තු මාසයේදී 195.8 ක් ලෙස සටහන් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අප්‍රේල් මාසයේදී ඒකක 201.6 ක් දක්වා වර්ධනය වී ඇත. 2021 පදනම් වර්ෂය ලෙස සලකා බලන කල, පොදු මිල මට්ටම මේ වන විට 101.6% කින් ඉහළ ගොස් ඇත.





10 Comments

  1. පෝසත් රටක්.
    එවිට පඩිනඩි වගේම ලයිට් බිල් පැට්‍රොල් ඩීසල් බඩුමිල හා උද්ධමනය සියල්ලම වැඩි විය යුතුයි.
    ලස්සන ජීවිතයක්

    ReplyDelete
  2. පතිරණ ගලප්පත්ති (Real)April 30, 2026 at 7:40 PM

    කවුද වහලෙක් මගෙ නමින් වහල් කමෙන්ට් දාලා. කමක් නෑ.

    හැබැයි ඒ වහලටයි, අනික් වහල්ලුන්ටයි කියන්ඩ තියෙන්නේ උද්ධමණය ගණනය කරන්නේ කලින් මාසයේ උද්ධමණයට සාපේක්ෂව නෙවේ කියන එක. මාර්තු මාසේ උද්ධමණය 2.2%යි, අප්‍රේල් මාසේ උද්ධමණය 5.4%. එතකොට, 5.4% කියන්නේ 2.2% ට වඩා දෙගුණයකට වැඩියි, ඒකයි ඔය 250% කියන්නේ. ලංකා ඉතිහාසයේ හැම අවුරුද්දකම අප්‍රේල් උද්ධමණය, මාර්තු උද්ධමණයට වඩා ඉතා ඉහළ අගයක් ගන්නවා, අප්‍රේල් අවුරුදු සමය නිසා භාණ්ඩ වලට තියෙන ඉල්ලුම, දෙගුණයකින් නෙවේ, සාමාන්‍යයෙන් 3-4 ගුණයකින් ඉහල යනවා, ඒ නිසා ඒක හැමදාම පවතින ස්වභාවික තත්වයක් විනා අසාමාන්‍ය දෙයක් නෙවේ. වැළලෙන් නැතුව ඉන්ඩ.

    ප.ලි. කලින් මාසෙට සාපේක්ෂව නෙවේ, සාමාන්‍ය උද්ධමණයම 250% පැනපු කාලයක් තිබුණා, තෙල් නැතුව, කිරි නැතුව, පෝර නැතුව, ගමනක් බිමනක් යන්ඩ වාහනයක් නැතුව, එළවලු ග්‍රෑම් 100කට රුපියල් 1500ක් ගෙවපු කාලයක් තිබුණා, ඒ ගෝඨාභය රාජපක්ෂ කාලය.

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුළෙ Real, Genuine, Original කියල එක එක ඉංග්‍රීසි කෑලි දාගෙන එන හාල් කෑල්ලක් මේක උගේ නමලු. අම්මපා.
      පොඩ්ඩක් හිතල බලන්න. අම්මපා වෙන නම් නැද්ද මේ පතිරණ ගලප්පත්තිගේ නම නැතුව.

      ඕකේ . ඒවායින් වැඩක් නෑ
      පැලවත්තෙ ඩයි ආතටයි පාපිසි කෑලි වලටයි ඕනේ විදියට උද්ධමනය ගණන් හදන්නේ නෑ. මහා බැංකුව ඒවා කරයි.

      අනික ගෝටා වැඩේ හරියට නොකළ නිසා තමා තෙල් නැතුව, කිරි නැතුව, පෝර නැතුව, ගමනක් බිමනක් යන්ඩ වාහනයක් නැතුව, එළවලු ග්‍රෑම් 100කට රුපියල් 1500ක් ගෙවපු කාලයක් තිබුණේ. අන්න ඒ නිසා තමා මේ පචෝරිස්ලාට ආණ්ඩු බලය ලැබුණේ. දැන් කොන්ටේනර් හොරකං කරලා, විදුලියට වඳුරෝ පන්නලා, ගල් අඟුරු වලින් ගසාකාල, ඩීසල් වලට ලොඑ නැති ගනන් ගෙවල, ඩඩ්ලි සිරිසේනලා පෝසත් කරවලා අන්තිමේ රටට කෙලවලා.

      Delete
    2. කොහෙද පචයො එළවළු ග්‍රෑම් 100 ක් 1500ට තිබ්බෙ.මොනවද ඒ එළවළු ජාතිය.හෝදන එකත් ගානක් මිම්මක් ඇතුව හෝදපන්

      Delete
    3. බණ්ඩක්ක 100 Real ගලප්පත්ති ගත්තේ 1500ට ලු
      ඉස්පාඤඤෙන් ගෙන්නවල තියෙන්නේ

      Delete
    4. පතිරණ ගලප්පත්ති (Real)April 30, 2026 at 10:03 PM

      2026 මාර්තු මාසයේ උද්ධමණය 2.2%.
      2025 මාර්තු මාසයේ උද්ධමණය -2.6% (සෘණ - 2023 අධි උද්ධමණයේ අපගමණය)
      2024 මාර්තු මාසයේ උද්ධමණය 0.9% (2023 අධි උද්ධමණය අපගමණය)
      2023 මාර්තු මාසයේ උද්ධමණය 50.3%
      2022 මාර්තු මාසයේ උද්ධමණය 18.7%
      2021 මාර්තු මාසයේ උද්ධමණය 4.1%
      2020 මාර්තු මාසයේ උද්ධමණය 5.4%
      2019 මාර්තු මාසයේ උද්ධමණය 4.3%
      2018 මාර්තු මාසයේ උද්ධමණය 4.8%
      2017 මාර්තු මාසයේ උද්ධමණය 7.3%

      ඉලක්කම් කියවගන්ඩ පුළුවන්, නාඩි වැටෙන ඕන මිනිහෙකුට තේරෙන්ඩ ඕනෑ මේ අවුරුද්දේ රට ස්ථාවරයි කියන එක.

      වහල්ලුන්ට තේරුමක් නෑ.

      Delete
  3. කමක් නැහැ galakpaththi. ඔහොම සෝද සෝද යමු.

    ReplyDelete
    Replies
    1. හා හා වරහන් ඇතුළෙ Real හෝදනව හෙදිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්න අම්මපා.
      පොඩ්ඩක් හිතල බලන්න.

      Delete
    2. උගේ වැඩේම කොටාගෙ පුංචම්මට පඩයක් ගියත් මෙලෝ රහක් නැති වැල්වටාරම් කොමෙන්ට් ලියන එකමයි. 

      Delete
    3. ප්‍රමිෂ්කට පඩ යන්නේ නෑලු LOL

      Delete
Previous Post Next Post