භාණ්ඩාගාර කොල්ලයට වැඩ තහනම් නිලධාරියෙක් සැක කටයුතු ලෙස මිය යයි..



 ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ, වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සැක කටයුතු ලෙස  මියගොස් ඇත.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ රංග රාජපක්ෂ මහතායි.

සිය දිවි නසා ගැනීමක් යයි සැක සහිත මියගිය නිලධාරියා සිය අත්ලෙහි, බාහුවෙහි නහර කැපී ගොස් ඇති බව  මූලික පොලිස් වාර්තා සඳහන් කරයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී මළසිරුර හමුවී ඇති අතර, පවුලේ සාමාජිකයන් විසින් කරන ලද දැනුම්දීමකට අනුව කුලියාපිටිය පොලීසිය මේ වන විටත් ස්ථානීය පරීක්ෂණ සහ විමර්ශන ආරම්භ කර ඇත.

අදාළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් රංග රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය මීට පෙර පියවර ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම මූල්‍ය අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී මොහුට කැඳවීම් කර තිබුණද, ඔහු එම දැනුම්දීම් මඟහැර සිටි බව වාර්තා වේ.

අධිකරණමය ක්‍රියාවලිය හෝ පරීක්ෂණ හමුවේ පැවති දැඩි පීඩනය හේතු වූයේද යන්න පිළිබඳවද අවධානය යොමුව ඇත.

මියගිය රංග නිශාන්ත මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකු වන අතර, ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් නිලධාරියෙකි.

අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5ක මුදල වත්මන් විනිමය අනුපාත අනුව ශ්‍රී ලංකා රුපියල් කෝටි 75කට අධික විශාල වටිනාකමකි. මෙම මුදල විදේශීය බැංකු ගිණුමකට සංක්‍රමණය වී ඇති බවට සැක කෙරේ.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, මරණයට හේතු වූ ලිපියක් හෝ වෙනත් සාක්ෂියක් නිවස තුළ තිබේදැයි පොලීසිය පරීක්ෂා කරයි.

14 Comments

  1. ජනතා විමුක්ති පෙරමුණ යනු මිනීමරු සංවිධානයකි

    ReplyDelete
    Replies
    1. Ha hoadai..Api dannawa...Uba ninden aharilada oya tika kiyanne...Buru Gona

      Delete
    2. නන්දන ගුනතිලකට වගේම සුප් එකට වහදාල දුන්නද??

      Delete
  2. Chicago kramayata thamayi apee Pelawatten wedee denne! Dayi Mayinata jayaweewa!!!

    ReplyDelete
  3. Thambuththeegama KotaApril 30, 2026 at 5:55 PM

    Den ithin okkoma weradi tika miyagiya kenaa pitin yai

    ReplyDelete
    Replies
    1. Absolutely. Covert operation ?

      Delete
  4. හතර වෙනියටත් ශොට් එක දුන්නා.

    ReplyDelete
  5. පච කොටා දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ල කියාවි මිය ගිය කෙනා තමයි ඔක්කොම වැරදි කරල තියෙන්නෙ කියල​. මිනී මරල තමුන්ගෙ වැරදි වහ ගන්න තරම් ජේවීපී කාරයො කොච්චර ම්ලේච්චද​. මුදල් ලේකමුත් දැන් බය නැතිව මුදල් කාරක සභාවට ඒවි. හැබැයි මේ වගේ නිඳිත වැඩ කරල බේරිලා ඉන්න නම් හිතන්න එපා.

    ReplyDelete
  6. නන්දන ගුනතිලකට වගේම සුප් එකට වහදීලද?

    ReplyDelete
  7. පැලවත්තෙ ඩයිමයිනාApril 30, 2026 at 6:47 PM

    මෙම මරණයට ජවිපෙ වගකිව යුතුබවට පැතිරෙන කතාවල කිසිම සත්‍යතාවයක් නැතිබව සහතිකකර කියමු.

    ReplyDelete
    Replies
    1. මරණයට ජවිපෙ වගකිව යුතුබව සහතිකකර කියමු.

      Delete
  8. නන්දන ගුණතිලක - 2

    ReplyDelete
  9. මෙය අනිවාර්‍යෙන්ම ජවිපා සත්තුන් විසින් කරන ලද මරනයක්. පච හොරකම අසූචි ගැසීම සහ මිනී මැරීම. 88/89 බීශනය ආරම්බ වූ වගයි

    ReplyDelete
  10. පරිවර්තනය ආරම්භ වෙලා වගේ.

    ReplyDelete
Previous Post Next Post