බාල ගල්අඟුරු නිසා විදුලි ඒකක ගිගාවොට් පැය 250ක් අපතේ..


ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් එළඹෙන අප්‍රේල්, මැයි සහ ජූනි යන තෙමසක කාලය තුළ විදුලි ඒකක ගිගාවොට් පැය 250ක් (250 GWh) පමණ පද්ධතියට අහිමි වනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

National System Operator  සමාගම මගින් නිකුත් කරන ලද බලාගාරවල ආර්ථික පිරිවැය දත්ත උපුටා දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, අදාළ සමාගමේ මාසික දත්ත වාර්තාවල මෙම තත්ත්වය පැහැදිලිවම පිළිබිඹු වන බවයි.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසිරුවා හැරීමෙන් පසු, 2026 මාර්තු 9 වන දින පිහිටුවන ලද NSO සමාගම රජය සතු ආයතනයකි. 

විදුලි ජනන කාලසටහන් සකස් කිරීම, බලාගාරවල ආර්ථික පිරිවැය කළමනාකරණය සහ අනාගත ජනන හා සම්ප්‍රේෂණ ධාරිතාව සැලසුම් කිරීමේ පූර්ණ වගකීම පැවරී ඇත්තේ මෙම ආයතනයටයි.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයකු ද වන පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, බාල ගල්අඟුරු භාවිතය සම්බන්ධයෙන් මතුව ඇති මෙම බරපතල ගැටලුව කිසිසේත්ම යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. 

පද්ධතියට සිදුවන මෙම දැවැන්ත පාඩුව සම්බන්ධයෙන් බලධාරීන් වහා අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

3 Comments

  1. Oyala Kala baluwada
    Regards,
    Hunduwa

    ReplyDelete
  2. Wimalaya revila inne dan

    ReplyDelete
  3. ඇයි විමලෙට මෙච්චර බය?

    ReplyDelete
Previous Post Next Post