ඇවිදින පුස්තකාල ඩො.මි. 2.5ක් හැකර්වරුන්ට පූජා කළා - සජිත්

 


අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් හැකර් ප්‍රහාරයකට ලක්ව අහිමිවීම රටේ මූල්‍ය සුරක්ෂිතභාවය පිළිබඳ බරපතල ගැටලු මතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ වගකීම පෙරදී මහබැංකුව සතුව පැවති නමුත් පසුව නව ක්‍රමවේද අනුව එම වගකීම රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයට සහ විදේශ සම්පත් ආයතනයට පැවරීමෙන් පසු ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස ක්‍රියාත්මක වූයේද යන්න ගැටලුවක් බවය.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ණය වාරිකයක් සඳහා වෙන් කර තිබූ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදල අතුරුදන්වීමත් සමඟ මෙම ගැටලුව දැවැන්ත ලෙස ඉස්මතු වී ඇති බවය.

මෙම සිදුවීම ජනවාරි මාසයේ සිදුව තිබියදී එය සම්බන්ධයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇත්තේ මාර්තු මාසයේදී වන බව විපක්ෂ නාකවරයා සඳහන් කළේය.

එමෙන්ම, මෙම කරුණු ඊයේ දින අනාවරණය වන තුරු වත්මන් රජය සහ මුදල් අමාත්‍යාංශය විසින් මුදල් අහිමි වීම රහසක් ලෙස තබාගෙන සිටියේ ඇයිද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.

මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් පත් කළ තාක්ෂණික පරීක්ෂණ කමිටුවේ ස්වාධීනත්වය, ක්‍රියාකාරීත්වය සහ විනිවිදභාවය පිළිබඳව ගැටලු පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, මෙම බරපතළ සයිබර් ආරක්ෂක සිදුවීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අහිමිවී තිබියදී, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට එම ආයතනයේම නිලධාරීන් පත් කිරීම ගැටලුවක් බවය.

මෙම සිදුවීම මාස 4–5ක් පුරා පාර්ලිමේන්තුවට දැනුම් නොදී සඟවා තිබීම පිළිබඳවද ඔහු ප්‍රශ්න කළ අතර, මුදල් සම්බන්ධ වගකීම පාර්ලිමේන්තුවට අයත් වුවද මෙවැනි බරපතල මූල්‍ය පාඩුවක් රහසක් ලෙස තබාගෙන සිටියේ ඇයිද යන්න සම්බන්ධයෙන්ද ගැටලුවක් ඇති බව සජිත් ප්‍රේමාදාස මහතා අවධාරණය කළේය.

අමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් අහිමිවීම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය මේ වන විටත් පොදු රාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මානයක් ලබා තිබුණද, එවැනි ආයතනයකදී මෙවැනි බරපතළ මූල්‍ය අහිමිවීමක් සිදුවීම ගැටලුවක් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, මෙම මුදල් හැකර්වරයෙකුගේ ගිණුමකට යොමු වූ බවට පරීක්ෂණ සිදුවන අතර, රාජ්‍ය ආයතන අතර සිදුවන මෙවැනි විදේශ ණය ගනුදෙනුවකදී මෙතරම් විශාල මුදල් අහිමිවීමක් සිදුවූයේ කෙසේද යන්න තවදුරටත් සොයා බැලිය යුතු බවයි.

මෙම සිදුවීම රටේ මූල්‍ය කළමනාකරණ ක්‍රමවේද සහ සයිබර් ආරක්ෂාව පිළිබඳවද බරපතළ ප්‍රශ්න මතු කරන බවද ඔහු අවධාරණය කළේය.

බැංකු පද්ධතිය හරහා සිදුවන මූල්‍ය හුවමාරු සඳහා විශේෂ ආරක්ෂක ක්‍රමවේද රැසක් පැවතියද, ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ, Registered White Listed Email ක්‍රමය, Email Indemnities ක්‍රමවේදය සහ Call Verification වැනි සයිබර් ආරක්ෂක ක්‍රියාමාර්ග මූල්‍ය ගනුදෙනු ආරක්ෂා කිරීම සඳහා භාවිතා වන බවයි.

එවැනි ආරක්ෂිත පද්ධති තිබියදීත්, මුදල් අමාත්‍යාංශය සහ වගකිවයුතු ආයතන ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොකළේ ඇයිද යන්න සම්බන්ධයෙන් ඔහු ගැටලුවක් මතු කළේය.

මෙවැනි අඩුපාඩු රටේ මූල්‍ය ගනුදෙනු සහ සයිබර් ආරක්ෂාවට බරපතළ අවදානමක් ඇති කරන බවද ඔහු අවධාරණය කළේය.

එසේම මේ ගනුදෙනු ක්‍රියාවලිය තුළ මහබැංකුව අවස්ථා කිහිපයකදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ණය කළමනාකරණ ආයතනයට අනතුරු අගවා තිබියදී පවා නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මෙ ගැන ස්වාධින පරීක්ෂණයක් විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් අවශ්‍ය බවත් මෙය පාර්ලිමේන්තුවෙන් සැගවූයේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ අතර රාජ්‍ය ආයතන සහ බැංකු පද්ධතිය තුළ පවතින සයිබර් අනාරක්ෂිතභාවය පිළිබඳව දිගින් දිගටම අනතුරු ඇඟවීම් සිදු වුවද, එම අවදානම් අවම කිරීම සඳහා රජය ප්‍රමාණවත් පියවර නොගත්තේ ඇයිද යන්න ගැටලුවක් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, “සුහුරු ආණ්ඩුවක්” සහ “ඩිජිටල් රාජ්‍යයක්” ගොඩනැගීම පිළිබඳව ප්‍රකාශ කර තිබුණද, ප්‍රායෝගිකව සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි.

මෙම දුර්වලතා හේතුවෙන් වංචනික හැකර්වරයෙකු විසින් ඩොලර් ලක්ෂ 25ක මුදලක් අහිමි කර ඇති බවට ඔහු චෝදනා කළ අතර, එය රටේ මූල්‍ය පද්ධතියේ බරපතල අවදානමක් බවද අවධාරණය කළේය.

එමෙන්ම ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ රාජ්‍ය දේපල සම්පත් සාංගික සම්පත් ලෙස ආරක්ෂා කරනවා කියා බලයට පැමිණ අවසානයේ රටේ මූල්‍ය සුරක්ෂිතභාව තහවුරු කරන්න නොහැකි වී ඇති බවත් රටේ අද ඇත්තේ වැඩබැරි රජයක් බවත් මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවීම ගැන ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු බවත් මේ අහිමි වූ මුදලට වන්දි ගෙවිය යුත්තේ රටේ ජනතාවගේ බදු මුදලින්ද කියා ප්‍රශ්න කරන බවත් මේවාට රජය කඩිනම් පිළිතුරු දිය යුතු බවත් දැන්වත් රටේ සයිබර් ආරක්ෂාව හා මූල්‍ය ගනුදෙනු ගැන උනන්දු වී නව ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

- Ada derana

11 Comments

  1. පූජාකලා නෙමේ ගොන් තඩියෝ සාක්කුවල දාගත්ත.

    ReplyDelete
    Replies
    1. 🕵🕵️‍♂️🕵️‍♀️🤣😃😄😅😭 හැකරා භය වෙලා පැනලා යයි කියලලු මාධ්‍යයට හෙලි කරේ නැත්තෙ. 😃😄😅😭 😃😄😅😭 😃😄😅😭

      Delete
    2. ජනවාරි වල තමයි වංචාව වෙලා තියෙන්නෙ. ඒකත් එලි කරේ රජය නෙමේ විපක්ශය, අන්න ඒක හොඳට මතක තියා ගනින්.

      Delete
  2. පොහොට්ටුවට සම්බන්ධතාවක් ඇති රජයේ නිලධාරීන් වාහාම ඉවත් කිරිමට කාලය එළබි ඇත.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 24, 2026 at 4:39 AM

      හර්ෂණ සුරියප්පෙරුමත් පොහොට්ටුවෙද?

      Delete
    2. ඇයි තොරතුරු හෙළි කරනවාටද?

      Delete
    3. 🤣😂😂😅😆 අනේ ඉතින්. හර්ශන සූරියප්පෙරුම කියන ලේකමා කලින් ඕස්ට්‍රේලියාවේ සමාගමක වැඩ කරපු ඇවිදින පුට්ටකාලයක්.
      ඒ පුට්ටකාලේගේ සමාගමට ගෙවන්න තිබ්බ ණය වාරිකයක් ගෙවද්දීම හැකරෙක් ඇවිත්නේ. පව් ඉතින් හර්ශන. 😅😆
      ලෝකේ මෙතෙක් ඉතිහාසේ කවම දාකවත් නොවිච්ච ගොන් ප්ලෑනකට හොරකම් කරන්න ගිහින් මාට්‍ටු. 😅😆
      විපක්ශෙ කිව්වේ නැත්තන් ශේප් එකේ වහල දානවා. 🤣😂😂

      Delete
  3. Dolar miliyana 2.5 kajjakda?

    ReplyDelete
    Replies
    1. Ohoma thami katath waradinawa. Danagana karana wada nemeine. Purudu wanna karana wada ne. Me wage wardi walata budget eken ganak wen karala nathi ekai warrdda. Mokada okkoma L board ne.

      Delete
  4. 😂 අහු වෙන්නෙ නැති වෙන්න හොරකම් කරන විදිය පුස්තකාලෙ පොත් වල තියෙන්න නැතුව ඇති.
    අපරාදෙ රනිල්ගෙන් උපදෙස් ගනිද්දි මහ බැංකුව කඩන ආකාරය කියන පොත පුස්තකාලෙට දා ගත්තනම් ඔහොම වෙන්නෙ නෑ.

    ReplyDelete
  5. හොඳම හොරු ඉඳල තියෙන්නෙ මාලිමාවෙනෙ බලාගෙන ගියාම. අහු වුනේ මේක විතරයි.
    තව කොච්චර ගැහිලි ගහන්න ඇත්ද. මේ වගේ පඹයෙක් විපක්ශ නායක නොවුනා නම් අද වෙද්දී විරෝධතා, උද්ඝෝශන වැහි වහින්න ඕන රට පුරා.
    ඇයි යකෝ අපි ගෙවන බදු සල්ලිනෙ මේව.

    ReplyDelete
Previous Post Next Post