බැරලය ඩොලර් 286ට ගත්ත ඩීසල් ලීටරය රුපියල් 700 පනිනවා..


ඩීසල් බැරලයක් ඇමෙරිකානු ඩොලර්
286ක් වැනි අතිවිශාල මුදලකට මිලදී ගැනීමට පියවර ගැනීම හේතුවෙන්, ඉදිරි කාලයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවා යනු ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම මිල ඉහළ යාම සිදුවන ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් පෙන්වා දුන්නේය.

ඉහළ මිලකට ලබාගන්නා ඉන්ධන සඳහා පනවා ඇති 18% ක අගය එකතු කළ බද්ද (VAT), ලීටරයකට රුපියල් 50ක් ලෙස එකතු වන අතිරේක වියදම්, ගනුදෙනුවට සම්බන්ධ තෙවන පාර්ශවයන්ට ගෙවීමට සිදුවන 3% ක කොමිස් මුදල මෙම සියලුම පිරිවැය සහ බදු ප්‍රමාණයන් එකතු වූ විට පාරිභෝගිකයාට ලැබෙන ඉන්ධන ලීටරයක මිල රුපියල් හත්සියය ඉක්මවා යාම වැළැක්විය නොහැකි බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

4 Comments

  1. ලෝකේ තෙල් වැඩිවෙනකොට මෙහෙ තෙල් වැඩිකරන්න ආණ්ඩු ඕනෙද , බලුනාදේ දැන් නැහැනේ

    ReplyDelete
    Replies
    1. මේ ජවිපෙ ඇමතිලා සාගතයෙන් හිටපු බලු රැලකට මස් කට්ටක් ලැබුණා වගේ හැම දෙයින්ම හොරා කන්න බලන්නේ මුංට අවුරුදු 5 ඉන්නවත් බැරි බව දන්නා නිසායි. ඩොබිලා තමයි පළමුව ටයර් මාලේ දා ගන්නේ. මාලිමා පචවලට රැවටුන පොහොට්ටු ඡන්ද ලක්ෂ 60 දැන් හිතන්න පටන් ඇරං. උන් දැං ස්වාධීන වගේ ඉන්නේ. මුංට 2027 ඉවර වෙනකල් බලයේ ඉන්න බැරි අතර ඊට කලින් සියලුම ආතල් විඳපල්ලා. ඊට පස්සේ 88-89 මිනීමරුවො එල්ලුම් ගස්. 2022 අරගල ආධාර සහ 2024 ට පසු කොමිස් ගහපු උන්ට සදාකාලික සිර ගෙය සූදානම්. උඹලාගේ පවුල් කොයි රටකට යැවුවත් අපි උන්ව ඇරං එනවා.

      Delete
  2. Gewamu අපි gewamu.

    ReplyDelete
  3. Long live AKD, the greatest, cheapest liar!

    ReplyDelete
Previous Post Next Post