රේගුව දීපචෙල්වන්ගේ පොත් සියල්ල නිදහස් නොකරන බව රේගුව යලි කියයි..


ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටි ප්‍රකට දෙමළ ලේඛක දීප චෙල්වන් ප්‍රදීපන් මහතාගේ කෘති සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවලින් අනතුරුව, ඉන් කෘති කිහිපයක් මුදාහැරීමටත්, කෘති දෙකක් තවදුරටත් රඳවා ගැනීමටත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

රේගු අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාළ ආනයන සමාගම වෙත දැනුම් දී ඇති පරිදි "Bayangaravaathi" සහ "Cynide" යන කෘති දෙක ඇතුළු තොගයේ තිබූ අනෙකුත් පොත් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

එහෙත්, "Elluttal nan Yuttam Ceykiren" සහ "Ippothum Inge Irandu Thesangalthaan" යන කෘති දෙක මුදාහැරීම ප්‍රතික්ෂේප කර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන, මහජන කැළඹීමක් ඇති කිරීමට හේතු විය හැකි කරුණු අදාළ කෘති දෙකේ අන්තර්ගත වන බවට නිර්දේශ ලැබී ඇති බව රේගු වාර්තා පෙන්වා දෙයි. 

රේගු ආඥාපනතේ (235 පරිච්ඡේදය) 'B' උපලේඛනයට අනුව එම කෘති නිදහස් කළ නොහැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා ඇත.

පසුගියදා රේගු භාරයට ගත් මෙම කෘති තොගය සම්බන්ධයෙන් සිද්ධිය මුල් කරගනිමින් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකාවක පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූවාය.

1 Comments

  1. Of course! Do not release these books. Who talks about media freedom. Vikara.

    ReplyDelete
Previous Post Next Post