ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ අඩු පාරිභෝජනයක් සහිත පාරිභෝගිකයන්ට ලබා දීමට යෝජිත සහනාධාර හේතුවෙන්, විදුලි ගාස්තු 20% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නැංවීමේ නව යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම (NSO) විසින් සඳුදා (27) මෙම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කළ බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.
2026 වසරේ දෙවන සහ තෙවන කාර්තු ඉලක්ක කර ගනිමින් ‘සංශෝධිත විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තුව’ නමින් මෙම ලේඛනය ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යා, මසකට විදුලි ඒකක 90 ට වඩා අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් කෝටි 1500 ක සහනයක් ලබා දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ පිරිවැය පිරිවැය ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන කරුණු ලෙස පෙන්වා ඇත.
අදාළ නිලධාරියා පෙන්වා දෙන පරිදි, පද්ධති මෙහෙයුම්කරුගේ මෙම නව යෝජනාව (20%) සම්මත වුවහොත් සහ මෙම මස මුල සිට ක්‍රියාත්මක වූ 10% ක වැඩිවීම ද සැලකිල්ලට ගත් විට, වසරේ ඉදිරි කාලය තුළ සමස්ත විදුලි ගාස්තුව 30% ක ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.
මීට පෙර අප්‍රේල් මස 06 වැනිදා ද දෙවන කාර්තුව සඳහා 15% ක ගාස්තු වැඩිකිරීමක් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම විසින් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත්, එවැනි වැඩිවීමක් සිදු වුවහොත් සමස්ත ගාස්තුව 25% කින් පමණ ඉහළ යා හැකි බව පවසමින් මහජන උපයෝගීතා කොමිසම එම යෝජනාව සලකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබින.

බොරු කියල අහුවෙන්න එපා ගූ ගහලා යවන්නේ
ReplyDeleteමේක උනේ ආණ්ඩුවේ දූෂිත ගනුදෙනුවක් හින්ද. ඒ හින්ද ඒකට අදාළ ඇමති හා නිලධාරීන්ගෙන් අය කරගන්න. මදි පාඩුව ආණ්ඩුව කියන විදියට භාණ්ඩාගාරේ පුරවල තියන සල්ලි වලින් පියවන්න. එහෙම නැත්නම් කැමති කට්ටියට දාන්න ගිණුමක් අරින්න. ඔය රට ඩෝබියෝ දායිනෙ. මිනිස්සු පිට දාන එක අසාධාරණයි.
ReplyDeleteගල් අගුරු පාඩුව නිසා ඩීසල් වැඩි වැඩියෙන් ගෙන්න උනා . කරන්ට් එක කපන එක වලක්වන්න හදිස්සි මිලදී ගැනීම් කලා. එවායෙ වගකීම ඇමතිවරයාට නිළදාරීන්ට දෙන්න. මහජනතාව බාල ගල් අගුරු ගෙන්න කිව්වෙ නැ. මෙ වගෙ රජයකට අවස්තාව දුන්නෙ, හොර කම නව්ත්වන්න. අනික් ඔක්කොම හොරු කියල බලය ගත්ත ආණ්ඩුව, දන් කොර වෙලා. ඇත්තටම ඇමතිට වඩා නිලදාරීන් හොරු. කලින් ගල් ආගුරු වලත් ප්‍රශ්නයක් තිබ්බාද කියල හොයන්න, නමුත් දැන් ප්‍රශ්නෙ වඪි මිලට ඩීසල් අරගෙන එකත් මිනිස්සු පිට පටවන එක ගල් අගුරු පාඩුව නිසා ඩීසල් වැඩි වැඩියෙන් ගෙන්න උනා . කරන්ට් එක කපන එක වලක්වන්න හදිස්සි මිලදී ගැනීම් කලා. එවායෙ වගකීම ඇමතිවරයාට නිළදාරීන්ට දෙන්න. මහජනතාව බාල ගල් අගුරු ගෙන්න කිව්වෙ නැ. මෙ වගෙ රජයකට අවස්තාව දුන්නෙ, හොර කම නව්ත්වන්න. අනික් ඔක්කොම හොරු කියල බලය ගත්ත ආණ්ඩුව, දන් කොර වෙලා. ඇත්තටම ඇමතිට වඩා නිලදාරීන් හොරු. කලින් ගල් ආගුරු වලත් ප්‍රශ්නයක් තිබ්බාද කියල හොයන්න, නමුත් දැන් ප්‍රශ්නෙ වඪි මිලට ඩීසල් අරගෙන එකත් මිනිස්සු පිට පටවන එක
ReplyDelete