විදුලි ගාස්තුව තවත් 53%කින් ඉහළ දමන්න යෝජනා.. ගල්අඟුරු පාඩුව බිලියන 20ක්..

 


මෑතකාලීනව ආන්දෝලනයට තුඩු දුන් ගල්අඟුරු ගනුදෙනුව හේතුවෙන් 2026 අප්‍රේල් සිට ජූනි දක්වා වූ මාස තුනක කාලය තුළ පමණක් රුපියල් බිලියන 20කට අධික අතිවිශාල පාඩුවක් සිදුව ඇති බව ආචාර්ය විදුර රලපනාව මහතා පෙන්වා දෙයි.

මෙම පාඩුව පියවා ගැනීම සඳහා දැනටමත් ක්‍රියාත්මක විදුලි ගාස්තුවට අමතරව තවත් 53%ක දැවැන්ත ගාස්තු සංශෝධනයක් සඳහා ජාතික පද්ධති මෙහෙයුම් ඒකකය (NSO) යෝජනා ඉදිරිපත් කර ඇති බව ඔහු අනාවරණය කරයි.

ආචාර්ය රලපනාව මහතා පෙන්වා දෙන පරිදි, ගල්අඟුරු වංචාව සහ පොසිල ඉන්ධන සැපයුමේ පවතින ගැටලු හේතුවෙන් රුපියල් බිලියන 42ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇත.

ගල්අඟුරු බලාගාර මගින් ජනනය කරන විදුලිය ගිගාවොට් පැය (GWh) 250කින් පහත වැටී ඇත. මෙම හිඟය පියවීමට ඩීසල් භාවිතා කිරීම නිසා වැය වන මුදල රුපියල් බිලියන 25කි. අඩු උත්පාදනය නිසා ඉතිරි වූ රුපියල් බිලියන 4.5ක මුදල අඩු කළ පසු, ගල්අඟුරු වංචාව නිසා පමණක් ජනතාව මත පැටවෙන ශුද්ධ බර රුපියල් බිලියන 20.5කි.

මෙම තත්ත්වය තුළ විදුලි ගාස්තුව රුපියල් බිලියන 40.5ක අගයකින් ඉහළ නැංවීමට යෝජනා වී ඇති අතර, ඉන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෘජුවම මෙම ගල්අඟුරු අර්බුදයේ ප්‍රතිඵලයක් බව ඒ මහතා අවධාරණය කරයි.

ගල්අඟුරු වංචාවෙන් සිදුවූ පාඩුව රුපියල් බිලියන 7ක් පමණක් බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය සහ එම පාඩුව ජනතාව මත පටවන්නේ නැති බවට දුන් පොරොන්දුව ආචාර්ය රලපනාව මහතා දැඩි ලෙස ප්‍රශ්න කරයි.

"ජනාධිපතිවරයා රුපියල් බිලියන 7ක පාඩුවක් ගැන පැවසුවද, සැබෑ පාඩුව ඊට වඩා බෙහෙවින් වැඩියි. එමෙන්ම එම පාඩුව ජනතාව මත පටවන්නේ නැති බව පැවසුවත්, ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනා මගින් පෙනී යන්නේ ජනතාවටම මෙම බර දැරීමට සිදුවන බවයි," යැයි ඔහු පවසයි.

අප්‍රේල් මාසයෙන් පසු ඩීසල් මිල ඉහළ යාම සහ වැඩි මිලට දැවිතෙල් (HFO) ආනයනය කිරීමට සිදුවීම හරහා මෙම පාඩුව තවදුරටත් වර්ධනය විය හැකි බවට ඔහු අනතුරු අඟවයි. අදාළ සැපයුම්කරුගෙන් මෙම පාඩුව අයකර ගැනීමට රජය මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති අතර, සැපයුම්කරු සතු වත්කම්වලට වඩා මෙම පාඩුව වැඩි බැවින් එය අයකර ගැනීම ප්‍රායෝගික නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

වගවීම සහ විනිවිදභාවය වෙනුවට රජය තවදුරටත් කරුණු වසන් කරමින් සිටින බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශ හරහා බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය තවදුරටත් උග්‍ර වන බවත් ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

9 Comments

  1. මගේ ආදරේට දොස් කියන්න එපා ලාපා රාජ්, එයාට සිල්ලර කඩයක්වත් කරගෙන යන්න බෑ ඉන්දියානු රූකඩයක්.

    ReplyDelete
    Replies
    1. LAPAYA KIWWE PADAUWA UGE DEPOLIN COVER KARANAWA KIYALA

      Delete
  2. දාතු සුනක ලප කොට හුත්තිගේ පුතෝ තෝ ඡන්දේ ගන්න පින්ගුත්තර වේසිගේ පුතාලට පිනට දුන්න හිස්වැසුමේන් කපාගනින් හුත්තෝ. අපිට බදු ගෙවලා තිත්ත වෙලා තියෙන්නේ කැරි භල්ලෝ

    ReplyDelete
    Replies
    1. Diasporawa antila, LBTQ antila thawama lapayata thamai

      Delete
  3. කාලකන්නි පහාර බලු වේසිගෙ පුතාලා දෙන්නා .. ලප කුමාරයයි .. අර ත්‍රාඩ මුහුදු හිඟන්නා .. ස්වභාවික නීතිය අනුඉව ඔකුන්ගේ ඔලු විකල් වී පිස්සු හැදෙවා .. උන්ගේ පවුල වලට හෙන හතම පාත් වේවා ... අසික්කිත බල්ලෝ දෙන්නා

    ReplyDelete
  4. ඌ නෑ කියල කිවුවොත්, බඩු ෂුව.

    ReplyDelete
  5. How many Lady Boys are there in the.........

    ReplyDelete
  6. ලැජ්ජයි කියන්නත්.
    බිලියන 20ත් ගානක්ද

    ReplyDelete
    Replies
    1. takarma miliyanayak watina rate

      Delete
Previous Post Next Post