ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇත.
නව මිල සංශෝධනයට අනුව කාණ්ඩ තුනක් යටතේ මිල ගණන් වෙනස් වී ඇති ආකාරය පහත පරිදි වේ:
- 12.5Kg : රුපියල් 775.00 කින් (19.4%) ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,765.00 කි. (පැවති මිල: රු. 3,990.00)
- 5Kg : රුපියල් 308.00 කින් (19.2%) ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,910.00 කි. (පැවති මිල: රු. 1,602.00)
- 2.3Kg : රුපියල් 140.00 කින් (18.7%) ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 890.00 කි. (පැවති මිල: රු. 750.00)
මෙම මිල සංශෝධනයත් සමඟ අද දින සිට දිවයින පුරා පාරිභෝගිකයින්ට මෙම නව මිල ගණන් යටතේ ගෑස් මිලදී ගැනීමට සිදුවනු ඇත.

දර ලිප සුද්ද කරල ගන්න වෙනවා.
ReplyDeleteකාලා වරෙන්
ReplyDeleteකීයක් වැඩි උනත් කමක් නෑ….෴මහින්ද හොරා😂😂😂😂
ReplyDelete68 ලක්ෂෙ මීහරක් රැලට සනිපද දැන්. ජයවේවා ජයවේවා උඹලට.ඉදිරියට උඹලට අපේ පන්තියෙ එකා තව තව සහන දෙනව.කට ඇරගෙන හිටපං. ෂෝයියා
ReplyDeleteපෝසත් රටක්න්v8 එකේ යන උන්ට. උන් කිවේ උන්ගේපෝසත් රට ගැන. 68 ලක්ශෙ තාමත් පච වලට අහුවෙන අය ඉන්නවා.
ReplyDelete