ආණ්ඩුව රැකගන්න අවශ්‍ය වුනොත් පාරට බැස එම වගකීම ඉටු කිරීමට ජනතාව සූදානම්..- ටිල්වින්


 ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වුවහොත් පාරට බැස හෝ එම වගකීම ඉටු කිරීමට ජනතාව සූදානම් බවත්, ඒ පිළිබඳ පූර්ණ විශ්වාසයක් පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

වවුනියාවේ පැවති 53 වන අප්‍රේල් විරු සමරු උත්සවය අමතමින් ඔහු මේ බව අවධාරණය කළේ විපක්ෂයේ වත්මන් ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමිනි.

ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂය වැනි විපක්ෂයක් ලෝකයේ වෙනත් කිසිදු රටකින් දැකගත නොහැකි බවත්, ඔවුන් රටට සැබෑ සාපයක් වී ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව සංවිධානය කර බලය ලබා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, විපක්ෂය සැමවිටම බලා සිටින්නේ කුමන්ත්‍රණ මගින් හෝ රටට විපතක් සිදුවන තෙක් බව ඔහු චෝදනා කළේය.

ජාතික ජන බලවේගය 3% ක ඡන්ද ප්‍රතිශතයක සිට ආරම්භ කර, ජනතාව අතරට ගොස් ඔවුන් දැනුවත් කරමින් විශාල වෙහෙසක් දරා බලය ලබාගත් බව සිහිපත් කළ ටිල්වින් සිල්වා මහතා, විපක්ෂයට ජනතාව සංවිධානය කර පාරට බැස්සවීමට පවා නොතේරෙන බව ප්‍රකාශ කළේය.

විපක්ෂය විසින් වරින් වර දෙසැම්බර් සහ අප්‍රේල් මාසවල ආණ්ඩුව පෙරළෙන බවට දින වකවානු ලබා දුන්නද, ජනතාව පාරට බසින්නේ ආණ්ඩුව පෙරළීමට නොව එය රැකගැනීමට බව ඔහු වැඩිදුරටත් පැවසීය.

තෙල් හිඟයක් නොමැති අවස්ථාවල පවා කෘතිම පෝලිම් නිර්මාණය කරමින් ජනතාව කුපිත කිරීමට විපක්ෂය උත්සාහ කළ බවත්, පාස්කු ප්‍රහාරය සහ මහ බැංකු වංචාව වැනි සිදුවීම්වල මහ මොළකරුවන් ආරක්ෂා කිරීමට පොත් ලියූ පිරිස් අද විපක්ෂයේ සිටින බවත් ඔහු අනාවරණය කළේය.

සමාජ මාධ්‍ය හරහා සිදුකරන අවලාද, බොරු ප්‍රචාර හෝ පුද්ගල අපහාස මගින් තම ව්‍යාපාරයේ ගමන නැවැත්විය නොහැකි බව ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

සමාජය සහ තරුණ පරපුර විපක්ෂයට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බැවින් මෙවැනි බොරු ප්‍රචාරයන්ට ජනතාව නොරැවටෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

9 Comments

  1. මිනිස්සු පාරට බහියි කියලා ඔහොම බය වෙලා බෑ බං

    පුරුෂ ධෛර්‍‍යය අරගෙන (උඹලට නැතිම එක - ජනාධිපති ට නෑ - අගමැති ට නෑ - කතානායක ට නෑ) මෙහෙම කියපං

    පාරට බැස්සොත් දුවන්න පාරවල් නැති කරනවා

    ReplyDelete
    Replies
    1. ගෝඨා ට හපන් මට පේන්නේ

      දැනටම කකුල් වෙව්ලන්න පටන් අරං

      බයයි කියලා ඇඟවෙන්න ඇරියොත් නම් මිනිස්සු ඇවිල්ලා නෙලල ම යයි හොඳේ

      සිරිසේන කකුල් වෙව්ල වෙව්ල හරි කිව්වා පාරවල් ගානේ ඇවිද්දෝනවා කියලා හරි

      මූට එහෙමවත් බෑ

      Delete
  2. pala huttige putha...

    ReplyDelete
  3. මුන්ට පුලුවන් ඔච්චර යි.. තව නිසදැස් කියන්නත් පුලුවන් හදටසෝගිනි වගේ. වෙන මුකුත් බෑ. හුන්ඩුවා එක්ක කරන්න පුලුවන් කෙනෙක්ට දීල පල.

    ReplyDelete
  4. කුසට සාගිනි
    හිතට සෝගිනි..
    ආ..ලාල්කාන්ත ගේ දානෙ ගෙදර ගියේ නැද්ද?

    ReplyDelete
  5. උඹ කවුද ? නිකං හෙනහුරා වගේ

    ReplyDelete
  6. oyata hondatama therila ..mnissu prata bahala nelanawa nelillak kala wawe sorouwa ariyawage. thawa poddak iwasala innakoo..amathaka karanna epa oyalage kaader eka inne 3% vitharai kiyala.anik minissu okkoma chande dunne ratata wadak wei kiyala hithala.ratata wada une naththan parata bahinwa langadima kohomath.

    ReplyDelete
  7. මේ නාකි පකාට මොන ජන පදනමක් තිබිලාද ජනතාව වෙනුවෙන් මේ වගේ බොරු කියන්නේ. තොපේ බොරු වලට රැවටිලා ඡන්දය දීපු ජනතාව නෙවෙයි තොපේ 3% තොපිට ගහලා පන්නන්නේ පාහර ජෙප්පෝ 😡🤮 ඒක ඉතාම ඉක්මනින් තොගෙන්ම පටන්ගන්නා බව විශ්වාස දායක ආරංචි වලින් පැවසේ 👍 තොපි කරපු මහා පාපකර්ම වල විපාක ඉතාම ඉක්මනින් යමලෝකයේදී ලැබේවි 😡🤮

    ReplyDelete
Previous Post Next Post