ජල සැපයුම තව දුරටත් සීමා කරයි..

 


පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන්, ජල පරිභෝජනය සීමා කිරීමට පියවර ගත් බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ලබුගම සහ කලටුවාව යන ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් එම පිරිපහදු මධ්‍යස්ථාන මගින් සිදුකරන ජල නිෂ්පාදන කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, 2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා පෙ.. 8.00 සිට ප.. 8.00 දක්වා පැය 12 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

  • හෝමාගම කලාප අංක 02 සහ හෝමාගම නගරය
  • වකන්ද, පින්කෙත පාර සහ වලව්ව පාර
  • ගැමුණු මාවත සහ අතුරුගිරිය පාර
  • ගලවිලවත්ත, නියඳගල සහ මාගම්මන
  • මහකටුවන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාල පරිශ්‍රය

පවතින සීමිත ජල ධාරිතාව කළමනාකරණය කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති අතර, මෙම කාලසීමාව තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.


2 Comments

  1. අම්ම මතක්කරලා කුණුහරුපෙන් බනින්නේ නැත්තම් ඔබට ගෙදර සිටම ජලය සාදාගන්නා අන්දම කියාදෙන්නම්

    ReplyDelete
Previous Post Next Post