මරදානේ අක්කරයට වැඩි රජයේ ඉඩමක් අයෝජකයෙකුට..


 නාගරික සංවර්ධන අධිකාරිය සතු සංවර්ධන කටයුතු සඳහා යොදා ගෙන නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා යෝජනා කිරීම පිණිස 2025-04-28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 

එම කමිටුව විසින් නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 10, මරදාන පාරේ පිහිටි අක්කර 01 රූඩ් 01 පර්චස් 12.4 ක ඉඩම් කොටසක් තොරතුරු තාක්ෂණය ආශ්‍රිත නව නිපැයුම් පදනම් කරගත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම පිණිස නිර්දේශ කරනු ලැබ තිබේ. 

ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, එකී ඉඩම් කොටස ශ්‍රී ලාංකීය තාක්ෂණ විද්‍යාඥයන් හට දේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගත් බුද්ධිමය තාක්ෂණික නිමැවුම් හා සේවා නිෂ්පාදන මධ්‍ය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

3 Comments

  1. ඕන් බලාපං ෂුවර් එකටම මයින ඔය ඉඩමට කෙළිනව

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිApril 28, 2026 at 9:12 PM

      පැලවත්තෙ ඩයිමයින නේද?

      Delete
    2. අපේ උත්තරීතර නායක ලෝකල් අයතොල්ලා වහන්සේ වන පැලවත්තෙ ආතට ඩයිමයිනා ලෙස අමතන්න ඔබ කවුද

      Delete
Previous Post Next Post