ආණ්ඩුවේ සෘජු මැදිහත්වීම සහ සහාය මත මෙරටට ‘අයිස්’ මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් ගෙන්වා ඇති ආකාරය පිළිබඳ සියලු තොරතුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී හෙළි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසයි.
මීට අදාළව රජය විසින් අත්සන් කරන ලද සියලුම ලේඛන සහ වාර්තා මේ වන විට තමන් සතුව ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
සියත රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙම තොරතුරු ජනතාවගෙන් වසන් කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි.
සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු අට දෙනෙකුම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර, විපක්ෂයට හිමිව ඇත්තේ අවස්ථා හතරක් පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම කාරක සභාවේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍යවරයා කටයුතු කරන අතර, වරාය අමාත්‍යවරයා සහ පොලිස් විෂය භාර අමාත්‍යවරයාද එහි සාමාජිකයින් ලෙස කටයුතු කරන බව ඩී.වී. චානක මහතා අනාවරණය කළේය.
මෙම කරුණු වසන් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ බහුතර බලය 12 දෙනෙකුගෙන් 8 දෙනෙකුම ආණ්ඩු පක්ෂයේ වීම භාවිතා කරමින්, කටයුතු අවසන් වන තෙක් තොරතුරු මාධ්‍යයට ලබාදීම තහනම් කර ඇති බවට ඔහු චෝදනා කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි මාස තුන ඇතුළත සම්පූර්ණ විස්තර රට හමුවේ තැබීමට තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය

Munge mole thiyenne bageta..Gal Aguru gana uda pana pana kagahuwa ..Dan Cope Committe eke ehema newe kiyala heliwuna...Ditwa walata dagaluwa ..Dan Naduwa DV ge Puke gahagena wenna athi... Container ekath oya wagema thama..Buru Hathha
ReplyDeleteAnurage file mitiya wageda?
Deleteකෝප් එකේ හෙළිවෙච්ච මඟුලක් නෑ. කෝප් සභාපති කල් ඇතුවම ගිහින් තීන්දුව දීලා තිබුණෙ, ඒක පාර්ශ්විකව. ඒ උගුඩුවයි, කෝප් එකේ ජෙප්පො ටිකයි අනික් අයට කතාකරන්න දුන්නෙ නෑ. තමුසෙ කියෙව්වද විගණකාධිපති වාර්තාව? අන්න ඒකෙ පැහැදිලිව තියනවා ලොක්කයි දෙවෙනියයි ගානට වැඩේ දීපු හැටි.
Deleteචානක මැතිතුමණි ඔඹට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේව හොයාගන්නවට. නමුත් පචයො හුන්ඩුවො ගෙදර යනකල් මේවට දඩුවම් නම් දෙන්න වෙන් නැහැ.
ReplyDeleteසොනාලි ව බඳින්න කලින් හිටපු ලසන්ත වික්‍රමතුංග නැති එකේ අඩුව තදින් දැනෙනවා - ඒ කාලේ (ඒ කිව්වේ රේන් ව බැඳලා හිටපු කාලේ) සන්ඩේ ලීඩර් එක තාම මතක ඇති අය මෙතනත් ඇති
ReplyDelete(සොනාලි සමරසිංහ ව බැන්ඳා ට පස්සේ නම් හිටියේ තනිකරම විදේශීය ඔත්තු සේවා වලින් නටවපු රූකඩයක් - සොනාලි තමයි ලසන්ත ව ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ් පල්ලියට අරං ගියේ)
කන්ටේනර් කියන්නෙ ගිනි පෙට්ටි සයිස්ද මුන්ට හොයා ගන්න බැරි. මේ රට් විනාස කරේම ජවිපාවුන්. චානක මැතිතුමාට ස්තූතියි මේවා රටට හෙලිකරනවට.
ReplyDeleteJust making accusations won't do. You have to prove it. Otherwise you also will fall in to the category of jokers like Uganda......
Delete