ඉරානයට පක්ෂපාතී ඉරාක මිලීෂියා කණ්ඩායම් විසින් අමෙරිකානු පුරවැසියන් සහ ඔවුන්ගේ දේපළ ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සැලසුම් කර ඇති බවට බුද්ධි අංශ තොරතුරු ලැබී ඇත.
තානාපති කාර්යාලය විසින් සමාජ මාධ්‍ය ජාලයක් වන X ඔස්සේ නිකුත් කළ ආරක්ෂක නිවේදනයකට අනුව, අමෙරිකානු සමාගම්, විශ්වවිද්‍යාල, තානාපති පහසුකම්, බලශක්ති යටිතල පහසුකම් මෙන්ම හෝටල් සහ ගුවන් තොටුපළවල් ද මෙම ප්‍රහාරවල ඉලක්ක විය හැකි බව සඳහන් වේ.
මීට අමතරව අමෙරිකාව සමඟ සබඳතා පවත්වන ඉරාක ආයතන සහ සිවිල් ස්ථාන ද අවදානමට ලක්ව ඇත.
පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් කලාපය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
එම ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයන් 1,340කට අධික පිරිසක් මියගොස් ඇති අතර, ඒ අතර ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනි ද සිටින බව වාර්තා වේ.
මෙයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලය, ජෝර්දානය, ඉරාකය සහ ගල්ෆ් කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටියි.
මිලීෂියා කණ්ඩායම් විසින් අමෙරිකානු පුරවැසියන් පැහැරගැනීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන තානාපති කාර්යාලය, කිසිදු හේතුවක් මත ඉරාකයට සංචාරය නොකරන ලෙසත්, දැනට එහි රැඳී සිටින පිරිස් වහාම පිටත්ව යන ලෙසත් අවධාරණය කරයි.
තම රට තුළ එල්ල වන මෙවැනි ප්‍රහාර වැළැක්වීමට ඉරාක රජය අපොහොසත් වී ඇති බවත්, සමහර මිලීෂියා සාමාජිකයන්ට රාජ්‍ය ආයතන සමඟ සබඳතා තිබිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

ඇමරි කාණුවො නිසා මුලු ලෝකෙම අවදානමේ
ReplyDeleteඇමරිකානු ඊශ්‍රායල් ජනතාවනි ඔබලා පැය 24 පුරාවටම දෙවියන් යදින කාලය එළඹ ඇත.කනගාටුයි
ReplyDelete