භාණ්ඩාගාර වංචාවේ සම්පූර්ණ සම්පූර්ණ මුදල් ඇමති ජනාධිපති අනුරටයි...


 ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට භාණ්ඩාගාරය මගින් සිදු කළ ගනුදෙනුවක් වංචා කර ඇති බවත්, එහි සම්පූර්ණ වගකීම මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා භාරගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, අදාළ ගනුදෙනුව සම්බන්ධ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා නොදීම හරහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත (Public Fiscal Management Act) බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.

මේ හරහා වත්මන් රජය පාර්ලිමේන්තුව නොමඟ යැවීමට කටයුතු කර ඇති අතර, එය පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල හෑල්ලුවට ලක් කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍යවරයාට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් ද මෙම පනත උල්ලංඝනය කිරීමේ වගකීමට බැඳී සිටින බව රණවක මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍යවරයා ලෙස මෙහි සම්පූර්ණ වගකීම අනුර කුමාර දිසානායක මහතා සතු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය

6 Comments

  1. Den kawda kawada nomaga yawanne?
    Anura neweyne payment eka karanne officers lane?

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් එහෙනම් රජයක් වැඩක් නෑනෙ. නිලදාරීන් හිටියම ඇතිනේ. ඔන්න මාලිමාවට චන්දෙ දීපු ගවයො.

      Delete
    2. තොපි දිට්ට එනකොට බුදියන් ඉදල දැන් හිතනවා ඒ ක්‍රමේට හැමනෙන් පුළුවන් කියල

      Delete
  2. Internal infomation may leaked by ranil or his fan officer

    ReplyDelete
    Replies
    1. Definitely not JVP. They have enough money. Local and Foreign.

      Delete
  3. දැන් dobila වඩා වේගෙන් සේදීම පටන් ගනී. අගමැති දැනටමත් පටන් ගත්තා.

    ReplyDelete
Previous Post Next Post