වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරන ලද ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තට පෙරලිමෙන් ඒම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඒම තුවාලකරුවන්ගේ තත්වය බරපතල නිසා ඒම තුවාලකරුවන් දෙදෙනා නුවරඒලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යෑවු බව ලිදුල පොලිසිය පැවසිය.
(25) දින 3:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නුවරඒලිය ග්ලාස්‌ගෝ වතුයාදෙිය.
වැල්ලවායේ සිට හැටන් ඇබෝස්ලි වතුයාය දක්වා දර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයෙ තිරිංග පද්ධතිය හදිසියේ ක්‍රියා විරහිත විමෙන් ඇති වූ කාර්මික දෝශයක් නිසා ලොරි රථටය රියදුරගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.
අනතුරට පත් වු ලොරි රථය දෙකට කැඩී ඇති බවයි අප වාර්ථාකරු කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ
