ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ, යළිත් වරක් එරට සමඟ “යුදමය වාතාවරණයකට” අවතීර්ණ වීමට අවශ්‍ය සියලු සූදානම් කිරීම් සිදු කරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) සිය සන්නද්ධ අංශ වෙත නියෝග කර තිබේ.
දෙරට අතර පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිදු රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එළඹීමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත නිකුත් කර ඇති මෙම නවතම උපදෙස් මාලාව හරහා කලාපීය යුද ගැටුමක වර්ධනයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසති.
පසුගිය දිනවල පැවැති සාකච්ඡා බිඳ වැටීමත් සමඟ හමුදාමය සූදානම උපරිම මට්ටමකට නංවන ලෙස ආරක්ෂක ප්‍රධානීහු වැඩිදුරටත් උපදෙස් දී ඇත.
මෙම තත්ත්වය මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

JD Vance කියන්නෙ ට්‍රම්ප්ට වඩා ආඩම්බර තගෙක්. ඌ තමයි සෙලෙන්ස්කි ටයි කෝට් දාන්නෙ නැතුව ට්‍රම්ප් හම්බවෙන්න වයිට් හවුස් එකට ආවා කියල සවුත්තු කෙරුවෙ.
ReplyDelete