රිය අනතුරුවලින් දෙදෙනකු මරුට..


කඩුගන්නාව පොලිස් වසමේ මාලිගාතැන්න ප්‍රදේශයේදී යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අගලකට පෙරළී සිදු වූ අනතුරකින් පැදිකරු එම ස්ථානයේම මියගොස් ඇත
.

මරණකරු අවුරුදු 72 ක් වූ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කඩුගන්නාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

දැදිගම පොලිස් වසමේ මැණික්කඩවර දොරවක මාර්ගයේ ඉඹුලෝවිට හන්දිය ප්‍රදේශයේදී දොරවක දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව ඇත.

අනතුරින් රියැදුරු හා පසුපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා පල්ලේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 55 ක් වූ කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දැදිගම පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Previous Post Next Post