කීයට හරි ඉන්ධන දෙනවා.. ඒත් මිල පාලනය කරන්න රජයට බෑ..- බලශක්ති ඇමති

 


අමාත්‍ය ධුරයන්හි වෙනස්කම් සිදු වුවද, ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව ලබා දීමේ රජයේ මූලික ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන බව නව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අවධාරණය කරයි.

බලශක්ති අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජාතික බලශක්ති ප්‍රතිපත්තිය දිගුකාලීන ඉලක්ක මත පදනම්ව ස්ථාවරව පවත්වාගෙන යන බවයි. හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ස්වාධීනව සහ අපක්ෂපාතීව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම සඳහා හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අප්‍රේල් 17 වනදා සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාර දුන්හ. ඒ අනුව ඇති වූ පුරප්පාඩුව සඳහා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණි.

අමාත්‍යාංශයේ විනිවිදභාවය සහ කළමනාකරණය පිළිබඳව විපක්ෂය එල්ල කරන විවේචනවලට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා, දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳව කිසියම් නිශ්චිත සාක්ෂියක් ඇත්නම් ඒවා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෝ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස අභියෝග කළේය. මාධ්‍ය සංදර්ශන පවත්වනු වෙනුවට නීතිමය මාර්ග අනුගමනය කරන ලෙස ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා මෙසේ පැවසීය

"නව අමාත්‍යවරයා ලෙස මට විශේෂ පියවර ගැනීමට අවශ්‍ය නැහැ. හිටපු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නිලධාරී මඩුල්ල දැනටමත් අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙනවා. එම සැලසුම් ක්‍රියාත්මක කළහොත් අපට විදුලි කප්පාදුවකට යාමට අවශ්‍ය වන්නේ නැහැ. මගේ කාර්යය වන්නේ එම කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ රාජ්‍ය මැදිහත් වීම ලබා දීමයි."

ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සහ මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය රජයේ පාලනයෙන් බැහැර කරුණු වුවද, ඉන් මහජනතාවට වන බලපෑම අවම කිරීමට රජය බැඳී සිටින බව අමාත්‍යවරයා පැවසීය. "මිල සම්බන්ධ ඇතැම් සිදුවීම් පාලනය කිරීමට අපට නොහැකි වන්නට පුළුවන්. නමුත් කුමන තත්ත්වයක් යටතේ වුවද විදුලිය සහ ඉන්ධන අඛණ්ඩව සැපයීමට අපි කටයුතු කරනවා," යැයි ඔහු වැඩිදුරටත් සහතික විය.


10 Comments

  1. කීයට හරි දෙන්න ඇමටියෙක්ම ඕනෙද?
    මුදලාලි කෙනෙක්ට දුන්නනං අහවරයිනෙ

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Authentic)April 22, 2026 at 4:51 AM

      මුදලාලිලාට පුළුවන් හිතූ හිතූ ගාණට විකුණන්ඩ, පාරිභෝගිකයන්ට පුළුවන් අඩුවටම දෙන මුදලාලිගෙන් බඩු ගන්ඩ. ඒක තමයි එන්.පී.පී. එක රට හිමීට අරගෙන යන ආර්ථික ක්‍රමය. ටිකක් බලාගෙන හිටපන්, වෙන නමකුත් හොයා ගනින්.

      Delete
    2. ඉතිං ඕකමනේ මමත් කිව්වේ මොකටද ඇමටියෙක් කියල.
      මුදලාලි කෙනෙක්ට දුන්නනං අහවරයිනෙ. පාරිභෝගිකයන්ට පුළුවන් අඩුවටම දෙන මුදලාලිගෙන් බඩු ගන්ඩ පුළුවන්.
      ඒක නෙවේ මේ (Authentic) කියල පෛයක් දාගෙන මගේ නම වෙනස් කරන්ඩ කියන්න උඹ කවුද? Authentic ඩෝබියෙක්ද
      අනේ පලෑන් බං යන්න.

      ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
      ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු


      Delete
    3. පතිරණ ගලප්පත්ති (Authentic)April 22, 2026 at 5:53 AM

      ඒවට අදාල නීති සම්පාදනය කරන්ඩ තමයි බොල ඇමතියෙක් ඉන්නේ. ක්‍රීඩා ඇමති ඉන්නේ ක්‍රීඩා කරන්ඩ නෙවේ, ආරක්ෂක ඇමති ඉන්නේ තුවක්කුවක් උස්සන් ගිහින් වෙඩි තියන්ඩ නෙවේ, වනිතා කටයුතු ඇමති ඉන්නේ පිම්පි වැඩේ කරන්ඩ නෙවේ (ඒකට තමා උඹ ඉන්නේ), ඒ වගේ අදාල ක්ෂේත්‍ර වල නෛතික කටයුතු කරන්ඩ වෙනවා, ඒවට ඇමතිවරු ඉන්නවා. (පිටකොටුවේ මුදලාලි කෙනෙකුට රට බාර දෙන්ඩ කිව්ව එක මෙතනට අදාල නෑ, තේරෙන් නැත්නම් කියලා දෙන්නම්, ඊළඟ කමෙන්ට් එකෙන් අහපන්, උඹලට මොලේ නෑ නේ).

      Delete
    4. හොන්දඊඊඊඊඊඊ

      Delete
    5. හී හී
      රෙද්දෙ රෙවුන නේද
      "පිටකොටුවේ මුදලාලි කෙනෙකුට රට බාර දෙන්ඩ කිව්ව එක මෙතනට අදාල නෑ." ඒවා ළමා කාලයේ කියපුව නේ.
      තාම එයා බාලංශේ. සොරි සොරි එයා දැන් අම්බ හොරෙක්. පල් හොරෙක් වංචාකාරයෙක්.

      ඉරත්තේ දිනවල පමණක් වැසිකිලි ගොස් ජලය ඉතිරිකරගමු!
      ගල් අඟුරු කා පෝලිමට සිට පඩිමු


      Delete
  2. හිතූ හිතූ ගනන් වලට ඉන්ධන දෙන්ඩ ආණ්ඩුවක් ඕනැද ලොක්කා?

    ReplyDelete
  3. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  4. Jeppo'n ta Muoo MYNEK noweyi da ?

    ReplyDelete
  5. හොන්දඊඊඊඊඊඊ

    ReplyDelete
Previous Post Next Post