පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වෙත ඇවන්ගාඩ් (Avant Garde) සමාගම මගින් යතුරුපැදි ලබාදීමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
ඇවන්ගාඩ් සමාගම විසින් 450cc එන්ජින් ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 50 ක් නොමිලේ ලබාදීමටත්, වසර 15 ක කාලයක් ඒවායේ නඩත්තු කටයුතු සිදු කිරීමටත් එකඟ වී ඇති බවට පළවන වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කර සිටියි.
එවැනි කිසිදු එකඟතාවක් හෝ සැලසුමක් විශේෂ කාර්ය බලකාය සහ අදාළ සමාගම අතර නොමැති බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙවැනි සත්‍යාපනය නොකළ තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිවැරදි තොරතුරු දැනගැනීම සඳහා නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඔව් මෙහෙම පල් හොරුන්ගෙ බයිසිකල් ඕන් නෑ පොලිසියට. ඉන්දියාවෙ පොලිසිය ලෝරන්ස් බිෂ්නොයි ගෙන් බයිසිකල් ගන් නෑ, ලංකාවෙ පොලිසියත් ස්වාධීනව තියෙන්ඩ ඕනෑ, පොලිසියට ඒවා හුරු නෑ, පහුගිය ආණ්ඩු සේරම කලේ පොලිසිය පෞද්ගලික න්‍යායපත්‍ර වලට නටවපු එකනෙ, ඒත් පොලිසියත් දැන් දැන් ටික ටික හැදීගෙන පොලිෂ් වීගෙන එන්නේ, වත්මන් ආණ්ඩුව හරියට නායකත්වය දෙන නිසා.
ReplyDelete