බලශක්ති ඇමති දවස් පහක් නොරොච්චෝලෙ නැවතිලා කුමන්ත‍්‍රණයක..

 


වර්තමාන ආණ්ඩුවේ බහුතරයකගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති මහා පරිමාණ ගල් අඟුරු වංචාව වසා දැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා මේ වන විට නොරොච්චෝලේ බලාගාරය තුළ කුමන්ත්‍රණයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

බලශක්ති අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, මාස තුනක් යනතෙක් නොරොච්චෝලේ බලාගාරයට යාමට අපොහොසත් වූ අමාත්‍යවරයා, ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා දින සිට දින පහක් තිස්සේ එම බලාගාරයේම රැඳී සිටින බව අනාවරණය කළේය. 

එහි ලැගුම් ගෙන සිටිමින් එහි සිදුවූ දූෂණ සහ වංචා වසා දැමීමට අමාත්‍යවරයා ලොකු කුමන්ත්‍රණයක යෙදී සිටින බවට ද ඩී.වී. චානක මහතා චෝදනා කර සිටියි.

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී කාලයට ප්‍රාදේශීය සභා මට්ටමින් පාරේ තිබෙන විදුලි පහන් නිවා දැමීමට රජය කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 

එමෙන්ම අවුරුදු උත්සව සහ සංගීත සංදර්ශන සඳහා විදුලි ජෙනරේටර් භාවිතා කරන ලෙස රජය උපදෙස් දී ඇතත්, එම ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට සිදුවන්නේ ද රජයටම බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

1 Comments

  1. පතිරණ ගලප්පත්තිApril 4, 2026 at 5:51 AM

    අයිසේ ගල් අඟුරු ගැන කුමන්ත්‍රණය කරන්ඩ නෝරච්චෝලෙටම යන්ඩ ඕනෑ ද? හොටෙල් එකකට ගිහින් ලන්ච් ගන්න ගමන් හරි, ගෙවල් වල වීක්-එන්ඩ් එකේ සෙට් වෙලා පුළුවන් නේ කුමන්ත්‍රණ කරන්ඩ. නැත්නම් සූම් මීටින් එකක් දාලා පුළුවන්. මේ යක්කුන්ගෙ ටොම් පච ඉතින් වහල්ලුන්ට හොඳයි, කොහෙද මොළ කළඳක්වත් තියෙන එවුන් යැ.


    නෝරච්චෝලේ ට ම ගියා නම්, යන්ඩ ඇති අවශ්‍ය සැලසුම් හා ක්‍රමෝපායන් පිළිඹඳ විපරම් කිරීමට. ඒකට මහින්දගෙ කාලේ, මතකනෙ පවිත්‍රා වන්නිආරච්චිගේ (නෝරච්චෝලේ), හැමදාම කැඩිලා. දැන් එහෙම දවස ගාණේ කැඩෙන් නෑ. ඇයි ඒ? අදාල අමාත්‍ය වරුන් ඒ පිළිඹඳ නිසි ක්‍රියා මාර්ග ගන්නා නිසා. නිසි ඉංජිනේරුවන් දේශපාලන අත පෙවීම් වලින් තොරව පත් කර තිබෙන නිසා. වැඩේ ගාණට යනවා කියන්නේ මේකට තමයි.

    ReplyDelete
Previous Post Next Post