බස් ටිකට්පතක් ඉල්ලුවාම බස් එකෙන් බහින්න කියන බස් චන්ඩි...

 


නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වන ඇතැම් පෞද්ගලික බස් රථවලින් නියමිත මුදලට වඩා මුදල් අය කර මගීන් ප්‍රවාහනය කරන බවත්, ඒ සදහා ප්‍රවේශපත්‍රයක් ඉල්ලූවිට බස් රථයේ කොන්දොස්තවරයා මගියාට බස් රථයෙන් බහින ලෙස තර්ජනය කරන බවයි එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව කියා සිටියේ.

නල්ලතන්නිය මුල් ගම සිට මස්කෙළිය නගරය දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තු වශයෙන් රු.102ක අනුමත ගාස්තුවක් ලබා ගත යුතුව ඇතත්, ඇතැම් කොන්දොස්තරවරුන් විසින් ඒ සදහා රු.120ක මුදලක් අය කරන බවත්, ප්‍රවේශපත්‍ර සදහා ලබා ගන්නා මුදලට ටිකට් පතක්ද ලබා නොදෙන බවත්, බස් ට්කට් පත නිකුත් කරන ලෙස කරන ඉල්ලා සිටි අවස්ථාවේ එම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් එම මගියාට බස් රථයෙන් බහින ලෙස තර්ජනය කරන අයුරු එම මගියා විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර එම දර්ශන මධ්‍යම පළාත් මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිය වෙත ලබා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් එම මගියා විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ඉහළ නිළධාරින්ටද පැමිණිලි කර ඇත.

රංජිත් රාජපක්ෂ

3 Comments

  1. ඒකත් හරියට හොරු රංචුව "අපි හොරා කන්නෑ.. අපි ආවේ හොරැ අල්ලන්නයි" කියනවා වගේ

    කුමාර ජයකොඩි වහාම අගමැති කරමු!

    අපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
    ගෑස් ඉතිරිකර ආණ්ඩුවට සහයෝගය දෙමු.

    ReplyDelete
  2. ළඟදී මෙවා නීතිගත karai

    ReplyDelete
  3. හොරු අල්ලන ආ කම්බ හොරු 160. මුන් හොරා කන්නෙත් කිසිම වැඩක් නොකර බේගල් ගහන ගමන්

    ReplyDelete
Previous Post Next Post