ට‍්‍රම්ප් ජාතිය අමතයි.. ඒක පාර්ශයවීයව යුද්දය අවසන් කරන්න සූදානම් බව කියයි..


ඉරානයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය දියත් කර ඇති හමුදා ප්‍රහාර ඉදිරි සති දෙකත් තුනත් අතර කාලය තුළ අවසන් කිරීමට හැකියාව පවතින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම යුදමය තත්ත්වය සමනය කිරීම සඳහා ඉරානය අනිවාර්යයෙන්ම කිසියම් එකඟතාවකට හෝ ගිවිසුමකට පැමිණීම පූර්ව කොන්දේසියක් නොවන බවයි.

"අපි ඉතා ඉක්මනින් එතැනින් ඉවත් වෙනවා. එය සමහර විට සති දෙකක් හෝ තුනක් ඇතුළත සිදුවිය හැකියි," යනුවෙන් ට්‍රම්ප් සඳහන් කළේය. ඇමෙරිකාව විසින් "Operation Epic Fury" ලෙස නම් කර ඇති මෙම යුද මෙහෙයුම අවසන් කිරීමට නම් ඉරානය සමඟ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවක් අවශ්‍යදැයි විමසූ අවස්ථාවේදී, ජනාධිපතිවරයා පවසා සිටියේ ඉරානය තමන් සමඟ ගිවිසුමකට එළඹීම අත්‍යවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත්, වොෂින්ටනය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරානය සිය යුරේනියම් නිස්සාරණය නතර කර, න්‍යෂ්ටික අවි නිපදවීමෙන් වැළකී හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට එකඟ වන කරුණු 15කින් යුත් සටන් විරාම සැලැස්ම පිළි නොගතහොත් ප්‍රහාර දැඩි කරන බවයි.

මේ අතර, දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින්, ගෝලීය බලශක්ති සැපයුමට බාධා පමුණුවමින් පස්වන සතියටත් ඇදී යන මෙම යුද්ධය අවසන් කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමට සූදානම් බව ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ඉකුත් අඟහරුවාදා ප්‍රකාශ කර තිබිණි.

ලෝකයේ දෛනික තෙල් සහ ස්වභාවික වායු සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝර්මුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් හෝ විවෘත කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇමෙරිකාවට සහාය වීමට සූදානම් වන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි. 

මේ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් බලාපොරොත්තු වන එමීර් රාජ්‍යය, උපායමාර්ගික දූපත් කිහිපයක් අත්පත් කරගන්නා ලෙස ඇමෙරිකාවට යෝජනා කර ඇති බවද එම වාර්තාවල සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පවසා ඇත්තේ ඇමෙරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගෙන් තමන් වෙත සෘජු පණිවිඩ ලැබෙන නමුත් ඒවා කිසිසේත්ම "සාකච්ඡා" නොවන බවයි. 

විවිධ පාර්ශ්වයන් හරහා ලැබෙන මෙම පණිවිඩවල තර්ජනය කිරීම් සහ අදහස් හුවමාරු කර ගැනීම් පමණක් අන්තර්ගත වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර ඇත්තේ කලාපය තුළ පවතින ඇමෙරිකානු සමාගම් ඉලක්ක කර ගනිමින් අද සිට නව ප්‍රහාර දියත් කරන බවයි.

ගැටුම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඇතුළත් විශේෂ ජාතිය ඇමතීමේ ප්‍රකාශයක් බදාදා රාත්‍රී 9ට (ඇමෙරිකානු වේලාවෙන්) ජනාධිපති ට්‍රම්ප් විසින් සිදු කිරීමට නියමිතව ඇත.

5 Comments

  1. අද පෝය වුනත් අප්‍රේල් 01 දා.

    ReplyDelete
  2. muu kiyana dewal ballekwath wishwasa karanne ne dan

    ReplyDelete
  3. ඒක පාර්ශවීය පටන් ගත්ත එකේ එහෙම්ම තමයි ඉවර කරන්න වෙන්නෙත්.

    ReplyDelete
  4. ජයවේවා ට්‍රම්ප් ජනාධිපති තුමාට. ඉරාන ත්‍රස්ථ කල්ලිය සහ මුලින්ම විනාශ කරලා දාන්ඩ. ඔබට ජයෙන් ජය.

    ReplyDelete
  5. Terrorists in Sri Lanka.

    2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු සහරාන් හෂීම්.

    මෙම ප්‍රහාරය සඳහා අවශ්‍ය වූ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් තෝරා ගැනීම සහ ප්‍රහාරක ඉලක්ක තීරණය කිරීම යනාදී සියලුම මූලික මෙහෙයුම් සහරාන් හෂීම් විසින්ම සිදු කර ඇති.

    ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන ජාතික ජන බලවේගයට (NPP/JVP) සම්බන්ධ දේශපාලනඥයෙකු වන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් සපයා ඇති.(සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය).

    ජාත්‍යන්තර අයි.එස්.අයි.එස් (ISIS) සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති.

    ඔහු හැර වෙනත් මහ මොළකරුවෙකු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් පවා පවතින බවත්.

    ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු: සහරාන් හෂීම් ( National Thowheed Jamath (NTJ))

    යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන: Ibrahim and Sons (JVP/NPP)


    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් (JVP/NPP)

    ReplyDelete
Previous Post Next Post