පල්ලමක ධාවනය වූ බසයක රෝදයක් ගැලවේ.. මගීන් රැසක් අනූ නවයෙන් බේරේ..

 


හැටන් සිට බගවන්තලාව හරහා බලංගොඩ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක ඉදිරිපස රෝදය සවි කර ඇති බෝල්ට් ජොයින්ටය කැඩී යෑමෙන් එම බස් රථයේ ගමන් ගත් මගීන් රැසකගේ ජීවිත 99න් බේරි ඇති බවත්, මාර්ගය හරහා බස් රථය අනතුරට පත් වීම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 8ක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇන හිට තිබුණි.

එම මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේ අධික බැවුමක් සහිත ස්ථානයක බස් රථය ධාවනය වෙමින් තිබියදී එක්වරම බස් රථයේ ඉදිරිපස දකුණු රෝදය බෝල්ට් ජොයින්ටයෙන් ගැලවි යෑමත් සමග බස් රථයේ රියදුරා බස් රථයේ සියලුම තිරිංග පද්ධති ක්‍රියාත්මක කර බස් රථය නතර කරගෙන ඇත.

ඉතා පටු මාර්ගයක් වන එම මාර්ගයේ බස් රථය අනතුරට පත් වීම නිසා එම මාර්ගයේ ගමනා ගමනය පැය 8ක් පමණ යන තෙක් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

අනතුරට පත් බස් රථය දොඹකරයක් ආධාරයෙන් ඉවතට ගැනීමෙන් පසු එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යලිත් යථා තත්වයට පත් වු බව බගවන්තලාව පොලිසිය පැවසීය.

රංජිත් රාජපක්ෂ

Previous Post Next Post