විදුලි කැපිල්ල ඇරඹුවා..- චම්පික


 ප්‍රමාණවත් විදුලි උත්පාදන ප්‍රභවයන් නොමැති වීම හේතුවෙන් අප්‍රේල් 03 දින සිට දිවයිනේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම මගින් පවසයි.

වර්තමානයේ පවතින ගල් අඟුරු සැපයුම සම්බන්ධ අර්බුදකාරී තත්ත්වය මෙලෙස විදුලි බල පද්ධතිය අඩාල වීමට ප්‍රධාන හේතුව වී ඇති බවත් ඔහු චෝදනා කරයි.

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එහි පද්ධති ඒකක තුනෙහිම ජනන ධාරිතාව සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව යයිද සටහනේ දැක්වෙයි.

  • 1 ඒකකය: දැනට ජනනය කරනු ලබන්නේ මෙගාවොට් 216ක් පමණක් වන අතර එහි හිඟය මෙගාවොට් 54කි.
  • 2 ඒකකය: මෙගාවොට් 235ක ධාරිතාවක් පවත්වා ගන්නා අතර මෙගාවොට් 35ක හිඟයක් පවතී.
  • 3 ඒකකය: මෙගාවොට් 236ක ධාරිතාවක් පවතින අතර එහි හිඟය මෙගාවොට් 34කි.

මේ අනුව ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට එක්විය යුතු මුළු විදුලි ධාරිතාවෙන් මෙගාවොට් 123ක දැවැන්ත හිඟයක් පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

පවතින ගල් අඟුරු වංචා සහ දූෂිත ක්‍රියාවන් හේතුවෙන් විදුලි උත්පාදනයට අවශ්‍ය සම්පත් සපයා ගැනීමට නොහැකි වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙලෙස විදුලි කප්පාදුවක් කරා යාමට සිදුව ඇති බවත් රණවක මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අවධාරණය කර සිටී.



6 Comments

  1. දැන් සතුටුද. අපිට කියන්න මේ රට පාලනය කරන්නේ NPP ද නැතිනම් ඔයගොල්ලෝද, හැම මගුලකටම හොට දෙන්න නැතුව ඉන්න මහත්තයො. ඒව අපි NPP එක්ක විසදගන්නම්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්. ගමට එනකන් ඉන්නේ විසඳගන්න. කඩු පොලු තියාගෙන.

      Delete
  2. විදුලිය කපනවා නෙමෙයි මහත්මයා, කළමණාකරනය කරනවා.
    දවසට පැයක් විදුලිය කලමනාකරනය කරනවා. ඉස්සරහට පැය 2ක් 3ක් විතර කලමනාකරණය වෙයි.
    වතුරත් පැය 12ක් විතර කලමනාකරනය වෙනව නේ.
    ඉස්සරහට පඩියත් කලමනාකරනය කරයිද කියලයි භය.

    ReplyDelete
  3. ගමට ආවම කඩු පොලු තියාගෙන විසදගන්න NAP ආන්ඩුවක්ම තියෙන්නෙ ඕන. වෙන ආන්ඩුවක් ආවම ට්‍රයි කරලා බලන්න කඩු පොලු වලින් විසදන්න ගියොත් මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. NPP හෙන සිල්වන්ත උපාසකයොනෙ. පලයන් ඩෝ යන්න.
      කඩයක් ඇරිය කියලා බෙල්ල කපලා වැටේ ගහල ගියපු උන් එනව මෙතන උපාසක පාට් දාගෙන.

      Delete
  4. උස්තැන් දැන් හැකිලෙනිනේ මිටි තැන් දැක පුප්පන්නේ

    ReplyDelete
Previous Post Next Post