2026.04.27 දින උදෑසන බොරැල්ල පොලිස් වසමේ මැගසින් බන්ධනාගාරය තුලදී රැඳවියන් දෙදෙනෙකු හා බන්ධනාගාර නියාමකවරයෙකු අතර ආරවුලකින් ඇති වූ සිද්ධියක් හේතුවෙන් තිදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් රැඳවියෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් මූලික විර්මශන කටයුතු ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 37 ක් වූ නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙකි.
මෙම සිදුවීමට අදාලව බන්ධනාගාර ජේලර්වරයෙකු හා නියාමකවරයෙකු බොරැල්ල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලිසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විර්මශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඉස්සර නම් ඔහොම දෙයක් වුනාම ගෝඨාභය කළා කියලා තමයි කිව්වේ
ReplyDeleteදැන් කව්ද දන්නෑ ඕවා කරන්නේ
තාමත් ගෝඨාභය ම ද දන්නෙත් නෑ
තාම කංචන විජේසේකර ට කොමිස් එක යනවා නම් අනිත් ඒවත් එහෙම වෙන්න පුළුවන් නේ
මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්, හා නැද්ද?
ReplyDelete