විදුලිය කපන්නැතැයි ඇමති කිවුවත් කපන බව විදුලි නිල පද්දති වාර්තා කියයි..

 


දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විදුලි බිඳවැටීම් වාර්තා වෙද්දී, කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවූ බවට බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය විපක්ෂයේ විවේචනයට ලක්ව තිබේ.

විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දෙන්නේ අමාත්‍යවරයා සත්‍යය වසන් කරමින් සිටින බවයි.

ඊයේ දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවූ බවට අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අජිත් පී. පෙරේරා මහතා මෙසේ තම සමාජ ජාල ගිණුම ඔස්සේ මෙසේ පැවසීය.

"ඊයේ විදුලි කප්පාදුවක් සිදු නොවූ බව අමාත්‍යවරයා සභාවට ප්‍රකාශ කළා. අමාත්‍යවරයා නොදන්නවා වුණාට විදුලි කප්පාදුවක් සිදු වූ බව අප දන්නවා නිල වාර්තා අනුව. මේ අමාත්‍යවරයා එම ධුරය දැරීමට සුදුසු නැහැ"

තම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා මන්ත්‍රීවරයා විසින් නිල පද්ධති වාර්තාවක් ද ඉදිරිපත් කරන ඇත

එම වාර්තාවට අනුව, ප්‍රමාණවත් ජනනයක් නොමැති වීම හේතුවෙන් ඊයේ පස්වරු 6:31 සිට රාත්‍රී 10:59 දක්වා කාලය තුළ 33kV පෝෂක මාර්ග (Feeders) මගින් Manual load shedding මගින් පද්ධති ඉල්ලුම පාලනය කර ඇති බව සඳහන් වේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටියේ පවතින බලශක්ති අභියෝග මධ්‍යයේ වුවද රජය විසින් මෙතෙක් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

ඇතැම් අවස්ථාවල අත්විඳීමට සිදුවන විදුලි ඇණහිටීම්, පද්ධතියේ ඇතිවන හදිසි බිඳවැටීම් මිස පූර්ව සැලසුම් කරන ලද විදුලි කප්පාදු කිරීම් නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

6 Comments

  1. මුං බොරු කියන්න උපන් හපන්නු...

    ReplyDelete
  2. හදිස්සියෙ කපන ඒවි ඔට්ටු නෑ හරිද? ඇමති කියන්නෙ කලින් ප්ලැන් කරල කපන්නෙ නෑ කියල. 😂😂😂😂 ඌ දන්නෙත් නැතුව කපල තියෙන්නෙ කියල එකෙක්ව අස් කරයි… එහෙම බඩු

    ReplyDelete
  3. හදිස්සියෙ කපන ඒවි ඔට්ටු නෑ හරිද? ඇමති කියන්නෙ කලින් ප්ලැන් කරල කපන්නෙ නෑ කියල. 😂😂😂😂 ඌ දන්නෙත් නැතුව කපල තියෙන්නෙ කියල එකෙක්ව අස් කරයි… එහෙම බඩු

    ReplyDelete
  4. මහ එකාගෙ ඉදල බොරු කියන එකට කිසි හිරිකිතයක් නැති රොඩියො ටිකක් මේ මාලුමා කාරයො

    ReplyDelete
  5. ජෙප්පොන්ට ඉන්ග්‍රීසි බෑරි බව දෑන දෑනම පොරව අමාරුවේ දාන්න කරපු වෑඩක්. මෙහෙම ගියොත් අන්‍රයියා ලන්කාවේ ඉන්ග්‍රීසි තහනම් කරනවා.

    ReplyDelete
  6. උඹේ අම්මට කියපන් හුත්තිගේ කොල්ලා

    ReplyDelete
Previous Post Next Post