එකම සතිපොල සතියක් තුල දෙවතාවක් විවෘත කරයි..


බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් අලුත්ගම
, වැලිපැන්න පාරේ පිහිටි සතිපොළ දේශපාලන පක්ෂ දෙකක මැදිහත්වීම මත දෙවතාවකදී විවෘත කිරීමේ පුවතක් වාර්තා වේ.

මෙම සතිපොළ ප්‍රථමයෙන් පසුගිය මස 30 වැනිදා බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීම මත විවෘත කෙරිණි. එහිදී වෙළෙඳුන් දිරිමත් කිරීම සඳහා මාස තුනක කාලයක් කිසිදු බදු අය කිරීමකින් තොරව වෙළෙඳ කටයුතු කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

කෙසේ වෙතත්, 06 දින බේරුවල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් මූලික වී පොල්තෙල් පහන් දල්වා මෙම සතිපොළ නැවත වරක් විවෘත කිරීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ෆයිසාන් නයිසර් මහතා ප්‍රකාශ කළේ, මාලිමාවේ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පොලිසියද කැඳවා සතිපොළ භූමිය වෙළෙඳුන්ට විවෘත කළත්, එම අවස්ථාව සඳහා තමන්ට නිසි පරිදි ආරාධනා කිරීමට ඔවුන් කටයුතු නොකළ බවයි.

එම චෝදනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් ආනන්ද මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, සතිපොළ විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රාදේශීය සභා සභාපතිවරයාට ආරාධනා කිරීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටු වන බවයි.

1 Comments

  1. මුන්ට දැන් විවෘත කිරීමේ උත්සවමේනියාවක් ඇවිල්ල.

    ReplyDelete
Previous Post Next Post