විදුලිය කපනකොට නිල වශයෙන් දන්වනවා..- ඇමති

 


පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරන බවට එල්ල වන චෝදනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය.

යම් හෙයකින් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ පිළිබඳව කල්තියා නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳවැටීම් වාර්තා වන නමුත්, එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලය අවට ප්‍රදේශය ඇතුළුව දිවයිනේ බොහෝ ස්ථානවල රජය විසින් නිල නොවන මට්ටමින් විදුලි කප්පාදුවක් සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කළේ ඊයේ දිනයේදීත් පැය දෙකකට ආසන්න කාලයක් විදුලිය ඇනහිට තිබූ බවයි.

5 Comments

  1. demand management කියල CEB එකෙන්ම කියනවා. ඒ කියන්නෙ හරියටම පැයක බිද වැටීමක්. අනික එහෙම වෙන්නෙ කොහොමද හරියටම 7න් පස්සෙ ? ගල් අගුරු ව0චාව වහගන්න වටෙ යවනවා කියල කැපුවානම් ඒකට සූදානම් වෙන්න පුලුවන්. මෙ වගෙ ප්‍රශ්න අද විතරක් අවෙ නැහැනෙ. 1996, 2000 පැය 12 වගෙ කැපුවා. 2022දිත් කැපුවෙ. කොන්දක් තියෙන ඇමතියෙක් විදියට කපනවනම් කියල කපන්න..

    ReplyDelete
    Replies
    1. Kondak thiyena nisa thama pako kiyanne...Oka kiyana eka maha loku deyak newe ne...Hama magulatama gal aguru kiyanne ..palayan ko nadu..eka buruwek wath nadu yanne na..mokada un dannawa methana case ekak nathi bawa....Puluwan nam ube weerayonta kiyapanko nadu danna kiyala..gedara ganu wage ada ada inne

      Delete
  2. ගල් අගුරු ටෙන්ඩරෙත් එහෙමද....

    ReplyDelete
  3. කට ඇරියොත් කියන්නෙ බොරු. ඊයෙ අපිට 6.50 ඉදල 7.50 වෙනකන් හරියට පැයක් කැපුව. උදේ 9 ඉදල හවස් 5 වෙනකන් තිබුනෙත් නෑ. මේන්ටේනර්ස් කියල.

    ReplyDelete
  4. Hora...................hora හොර

    ReplyDelete
Previous Post Next Post