වීදි ලාම්පු නිවා දැමීමේ තීරණයට මිනීමැරුම් චෝදනා..


රාත්‍රී කාලයේදී වීදි ලාම්පු නිවා දැමීමට රජය ගෙන ඇති තීරණය මාර්ග ආරක්ෂාව චේතාන්විතව බිඳවැට්ටවීමක් සහ
'මිනීමැරීමට ආධාර අනුබල දීමක්' බඳු ක්‍රියාවක් බව පවසමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරයි.

පසුගිය මාර්තු 30 වැනිදා අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ වීදි ලාම්පු නිවා දැමීමට නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ, දිනක වැඩිම මාර්ග අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන කාල සීමාව තුළ වීදි ලාම්පු නිවා දැමීම බරපතළ අවදානමක් බවයි.

මීට අමතරව මෙම තීරණය හේතුවෙන් මහා මාර්ගවල මංකොල්ලකෑම් ඉහළ යාම, කාන්තා හිංසන සහ අතවර කිරීම් උත්සන්න වීම, සමස්ත මහජන ආරක්ෂාව බිඳවැටීම වැනි අහිතකර තත්ත්වයන් වර්ධනය විය හැකි බව සංගමය අවධාරණය කරයි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ නිරන්තරයෙන් හඬක් නගන ශ්‍රී ලංකා පොලිසිය, මෙවැනි තීරණාත්මක අවස්ථාවක නිහඬව සිටීම හාස්‍යජනක කරුණක් බවද එම ලිපියේ සඳහන් වේ. සාමාන්‍ය යතුරුපැදිකරුවන් අපරාධකරුවන් ලෙස සලකා දඩ මුදල් හා රියදුරු බලපත්‍ර ලකුණු ක්‍රම ගැන කතා කරන පොලිසිය, රජයේ මෙම අනතුරුදායක තීරණය හමුවේ නිහඬව සිටීම සංගමයේ දෝෂදර්ශනයට ලක්ව ඇත.

විදුලි අර්බුදයක් පවතින සෑම අවස්ථාවකම වීදි ලාම්පු නිවා දැමීම විසඳුම නොවන බවත්, මාර්ග සංඥා සහ වීදි ලාම්පු සඳහා සූර්ය බලය යොදා ගැනීමට මෙතෙක් කිසිදු රජයක් පියවර නොගැනීම කණගාටුදායක බවත් එම සංගමය පවසයි.

අදාළ ලිපිය මගින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ,

  1. වීදි ලාම්පු නිවා දැමීමට ගත් මෙම 'මිනීමරු' තීරණය වහාම අකුලා ගැනීමට උපදෙස් දෙන ලෙසයි.

  2. නිසි අධ්‍යයනයකින් තොරව මෙවැනි තීරණ ගන්නා නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසයි.

මෙම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍ය ලේකම්, පොලිස්පති, ප්‍රවාහන හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පාර්ශව කිහිපයක් වෙතම යොමු කර තිබේ.



8 Comments

  1. රාත්‍රී 10 සිට පාන්දර 5 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම කාලෝචිතයි.

    ReplyDelete
  2. ඇත්තට්ම කාන්තාවෝ පවා වැඩ ඇරිල අගෙදර යනවා. මේ වගේ මරි මෝඩ අදහස් මුන්ට එන්නෙ 88/89 බීශනේ අත් දැකීම් එක්ක.

    ReplyDelete
  3. පතිරණ ගලප්පත්තිApril 1, 2026 at 6:54 PM

    පාරවල් දිගේ රෑට ලයිට් දාලා තියන්ඩ අවශ්‍ය නෑ. ලෝකේ දියුණු රටවල් වල වත් එතරම් ජනාකීර්ණ නොවන ප්‍රදේශ හරහා දිවෙන පාරවල් වල මහ රෑ එළි වෙනකම් රජයේ වියදමෙන්, ඒ කියන්නේ මහජන බදු මුදල් වලින්, ලයිට් දාලා තියන් නෑ. ඒ ප්‍රදේශ වල ජනතාව දැන ගන්ඩ ඕනෑ ආරක්ෂිතව ගමන් බිමන් යන්ඩ, දිවා කාලයේදී, නැත්නම් කණ්ඩායම් වශයෙන් වාහන වල, රාත්‍රී කාලයේ දී අත්‍යවශ්‍ය ගමන් බිමන් යෙදුනොත්, රැකියා කටයුතු වගේ දේවල්. හදිසියේ අසනීපයක් වුණොත් බෙහෙත් ගන්ඩ යන්ඩ වෙන්ඩ පුළුවන් තනියෙන්, ඒත් ඒ වගේ ඉතා අහඹු සිදුවීම් පාදක කරගෙන රෑ එළි වෙනකම් ලයිට් දාලා තියන්ඩ ඕන් නෑ.

    ReplyDelete
    Replies
    1. ලයිට් දාන පාරවල් සේරම වහන්න ඕනෙ.
      ඔය පාරවල් 76 වසරක සාප.


      Delete
    2. ලෝකේ දියුණු රටවල්

      Hikis mehe nam light thiyenawa

      Delete
  4. මෙයා කොහොමත් මිනීමරුවො තමයි ලයිට් දැම්මත් නොදැම්මත්.

    ReplyDelete
  5. සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය? ඊයා ඒ මොන අඩුකුලේ සංගමයක්ද

    ReplyDelete
  6. මඩකරි දන්න විසදුම් බැරිනම් පලයල්ලා අපෙ රට විනාශ නොකාර මඩකරි jvp කරන්න බැනෙ තෙරෙනවානෙ මඩකරි ගොබ්බ හැත්ත පොඩ්ඩක හුකලා බලන්න 🤣🤣

    ReplyDelete
Previous Post Next Post