පාසල් සිසුන් පිරිසක් මත් පැන් බී රෝහලේ..


හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රකට පාසලක සිසුන් පිරිසක් මත්පැන් පානය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ
.

හල්දුම්මුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් ප්‍රධාන පාසලක 16 හැවිරිදි වියේ පසුවන සිසුන් සිව්දෙනෙකු, පසුගිය 09 වනදා විද්‍යාලයීය පරිශ්‍රය තුළ මත්පැන් පානය කරමින් සිටියදී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් අතරින් එක් අයෙකුගේ සෞඛ්‍ය තත්වය බරපතල වීම හේතුවෙන් වහාම පළමුව හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කෙරිණි. තත්වය දරුණු වූ බැවින් පසුව දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.

රෝහල් තොරතුරු වලට අනුව, මත්පැන් පානය කිරීමෙන් පසු ඇතිවන දුගඳ මර්දනය කිරීම සඳහා මෙම සිසුවා යම්කිසි ද්‍රව්‍යයක් ශරීරගත කරගෙන ඇති බවට සැක කෙරේ.

හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රකාශ කළේ මෙම විනය විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ පාසලේ නිලධාරීන් සහ සිසුන්ගේ දෙමාපියන් ගෙන්වා ඉදිරි විමර්ශන සහ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.

3 Comments

  1. හල්දුම්මුල්ලෙදි නේද විජිහේරා  87-89 භීෂණ කාලයේ බිල්ලට ඇඳල ජවිපෙ කොල්ලන්ව, කෙල්ලන්ව කෙහෙල්වත්තෙ ලැවරිය ප්‍රේමදාසගෙ ජුන්ටාවට පාවල දුන්නෙ?  

    ReplyDelete
  2. රැඩිකල් මාලිමා පගයෝ ඕකට කියන්නේ දියුනුව කියලා

    ReplyDelete
Previous Post Next Post