බාල ගල් අගුරු නැවට පටවන්නේ විපක්‍ෂයදැයි සැකයි..- ඇමති ජයකොඩි

 


ඇණවුම් කරන ලද ගල් අගුරු නැව තවමත් පටවා හෝ නොමැති පසුබිමක, එහි අඩංගු වන්නේ බාල ගල් අගුරු බවට විපක්ෂය සිදුකරන ප්‍රකාශ පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් පවතින්නේදැයි තමන්ට සැකයක් මතු වන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

"ප්‍රසම්පාදනය ගැන විපක්ෂ නායකතුමා කතා කරනවා. තවම නැව පටවලා ආවෙත් නැහැ, නමුත් එතුමා කියනවා ඒකෙත් තියෙන්නේ බාල ගල් අගුරු කියලා. නැව පටවන්නත් කලින් මේක බාලයි කියන්න තරම් මේගොල්ලෝ කොහොමද දැනුවත් වුණේ? මට සැකයක් ඇති වෙනවා මේ කුමන්ත්‍රණකාරී විදිහට මේවට බඩු පටවන්නේ මේගොල්ලොමද කියලා"

මෙම තත්ත්වය බරපතල කරුණක් බවත්, නැව පටවා අවසන් වීමටත් ප්‍රථම එහි ප්‍රමිතිය ගැන විපක්ෂය පවසන කරුණු පිළිබඳව රජය විදිහට පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ගල් අගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සැපයුම්කරුවන් සුදුසුකම් ලබන්නේ නිශ්චිත කොන්දේසි මත බවත්, ජාත්‍යන්තර වෙළෙඳ නීති රීති වලට අනුව කටයුතු සිදුවන බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

යම් හෙයකින් සැපයුම්කරු අතින් අඩුපාඩුවක් සිදු වුවහොත්, අදාළ නීතිමය තත්ත්වයන් යටතේ නඩු පවරා හෝ එම අලාභය අය කර ගැනීමට කටයුතු කරනවා මිස එය ජනතාව මත පටවන්නේ නැති බව හෙතෙම පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනයේදී මෙවැනි පිරිවැයක් ඇතුළත් වී නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂය සිදු කරන මෙම ප්‍රකාශ හරහා රටට හෝ ජනතාවට කිසිදු යහපතක් අත් නොවන බවද වැඩිදුරටත් සඳහන් කළේය.


8 Comments

  1. මේකා චීනයේ ඇමති කෙනෙක් වෙලා ඔය තරම් විශාල පාඩුවක් කෙරුවා නම් ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරණවා.

    ReplyDelete
  2. නාකි තට්ට ජෙබි කපයා හොරාකාලා මරු කියවනවා

    ReplyDelete
  3. අදද දන්නෙ විපක්ෂය කියලා. හිටපු ආන්ඩු කරපු එවුන් බූවල්ලෙක් වගේ ආර්ථික මර්මස්තාන වලට දැල එලාගෙන ඉන්නේ. මොනව වික්කත් හොරා කාපු සල්ලි වලින් පිටරට කොම්පැනි හදාගන කරන දේවල් වල ප්‍රතිඵල තමයි දැන් එන්නෙ. අපි ඕව කියන්න ගියාම, දැන් බිසී, මීටින් එකක ඉන්නේ කිව්ව. දැන් ඉතින් විදෝපන්.


    ReplyDelete
  4. එතකොට Unregistered company වලට quality එක කරන්න දුන්නෙ විපක්ෂයද?

    ReplyDelete
    Replies
    1. Ema companiya vipakshayata aithi ekak.

      Delete
  5. PAKAYA, JEPI PAKAYA

    ReplyDelete
  6. තොපේ ඔය පච ආණ්‌ඩුව විපක්ෂයට දීල. තොපි ගෙදර පල.නරි හැත්ත.

    ReplyDelete
  7. කොමිස් ගහන කොට ගහන්න ඕනේ ලොවෙත් නැති වෙන්න - පච කොටා

    1. ජෙප්පන් යනු හොරකම ආත්මය කොට පවතින් ජීවී කොට්ඨාශයකි - ජවිපෙ ට බලය හිමි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් කිසිවක සත්‍ය සැබෑ අය - වැය ලේඛණයක් කිසිදාක ඉදිරිපත් කෙරෙන්නේ නැත - හේතුව ශිෂ්‍ය සංගමයේ කටයුතු වලට එකතු කරන මුදල් මාටියා ගැසීමයි

    2. ජෙප්පන් යනු බොරුව ආත්මය කොට පවතින ජීවී කොට්ඨාශයකි - අන් අයට වඩා තමන් බුද්ධිමතුන් ය යනුවෙන් ලෙනින් කියා ඇති කතාවක් නිසා තමන් ගේ බොරු අන් අයට තේරෙන්නේ නැතැයි සිතා සිටීම ඇති වී ඇති තත්වයකි - එහෙත් ඇත්තට ම සිදුවන්නේ එහි අනිත් පැත්තයි. ජෙප්පන් ට වඩා වෙන ඕනේ කෙනෙක් බුද්ධිමත් නිසා ජෙප්පෝ කරන්නේ මොකක්ද කියන එක ටක් ගාලා තේරෙනවා

    බාල ගල් අඟුරු වංචාව වහන්න තමන්ගේ බුද්ධියෙන් පුළුවන් කියලා ජෙප්පෝ හිතුවට හැමෝම දැන් දන්නවා විදුලි බිල වැඩි වෙන්නේ, දැන් නොකියා ලයිට් කපන්නේ, හෙට අනිද්දාට කියලම ලයිට් කපන්න වෙන්නේ, බාල ගල් අඟුරු වලින් පච කොටයි අනිත් හොරු ටිකයි කොමිස් ගහපු නිසාය කියලා.

    දැන් තියෙන්නේ ලෙනින් ගේ පිංතූර ටික යි, කල යුත්තේ කුමක් ද / රාජ්‍යය හා විප්ලවය පොත් ටිකයි පුච්චන්න

    3. ජෙප්පන් යනු මෝඩකම ආත්මය කොට පවතින ජීවී කොට්ඨාශයකි - මේ ගැන මම මුකුත් කියන්න ඕනේ නෑ - දවස ගානේ ජෙප්පෝ නාගන්න හැටි දිහා බලා ඉන්න එක ප්‍රමාණවත්

    ලෙනින් දන්නවා නම් මෙහේ ඉන්න vanguard ලා ගැන ඒ යකා තව පාරක් මැරෙනවා

    ReplyDelete
Previous Post Next Post