මෙම නිවේදනය නිකුත් වූයේ සමුද්‍ර සන්ධිය තාවකාලිකව විවෘත කරන බවට ඉරාන විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් දිනකට පසුව වීම විශේෂත්වයකි.
සෙනසුරාදා දිනයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී නෞකා කිහිපයක් ඉරාන ප්‍රහාරවලට ලක්ව ඇති බව වාර්තා වේ.
ඉරාන ප්‍රහාරක යාත්‍රා දෙකක් මගින් තෙල් ප්‍රවාහන නෞකාවකට වෙඩි තබා ඇති බව එක්සත් රාජධානියේ නාවික වෙළඳ මෙහෙයුම් ඒකකය (UKMTO) තහවුරු කරයි.
ඕමාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කන්ටේනර් නෞකාවකට හඳුනා නොගත් ප්‍රක්ෂේපණයකින් ප්‍රහාර එල්ල වී තිබේ.
ඉන්දීය ධජය සහිත නෞකා දෙකකට වෙඩි ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර ඉරාන තානාපතිවරයා කැඳවා ඒ පිළිබඳව කරුණු විමසා ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෙවැනි තර්ජන මගින් ඉරානයට ඇමරිකාව "බ්ලැක්මේල්" කළ නොහැකි බවයි. සාම ගිවිසුමකට එළඹෙන තෙක් ඉරාන වරායන් අවහිර කිරීම නතර නොකරන බව ඔහු අවධාරණය කළේය. දැනට ක්‍රියාත්මක සටන් විරාමය අප්‍රේල් 22 වනදායින් අවසන් වීමට නියමිතය.
ලෝකයේ බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායූ (LNG) අවශ්‍යතාවයෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික ජල මාර්ගය අවහිර වීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල බැරලයකට ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. පෙබරවාරි 28 වනදා ඇමරිකාව සහ ඉස්රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය මේ වන විට අවම මට්ටමකට වැටී ඇත.
ඉරානය පවසන්නේ සමුද්‍ර සන්ධියට ළඟා වීම "සතුරාට සහය දීමක්" ලෙස සලකා එවැනි නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර, ඇමරිකාව ඉදිරිපත් කර ඇති නව සාම යෝජනා මාලාවක් තමන් මේ වන විට සමාලෝචනය කරමින් සිටින බව ද ඉරානය සඳහන් කරයි.

මිනීමරු වලත්ත අල්ලා හුකබ්බර් ඌරු හම්බයන් මරමු
ReplyDelete